1984 දී ඉන්දියාවේ සීක්‌ ජනතාව සංහාරය වුණා
- කැනඩා ප්‍රාන්ත පාර්ලිමේන්තුවට යෝජනාවක්‌ ඉදිරිපත් වෙයි

1984 දී ඉන්දියාවේ සිදු වූ සීක්‌ විරෝධී කලබලය සංහාරයක්‌ යෑයි දක්‌වමින් ලිබරල් පක්‍ෂ මන්ත්‍රීනි හරින්දර් මල්හි කැනඩා ප්‍රාන්ත පාර්ලිමේන්තුවට යෝජනාවක්‌ ඉදිරිපත් කර ඇත.

ඇගේ මෙම යෝජනාව ජනතාව නොමග යවන ක්‍රියාවක්‌ බව ඉන්දීය රජය කියයි. ලිබරල් පක්‍ෂ මන්ත්‍රීවරියගේ මෙම යෝජනාව නිසා ඉන්දියාව සහ කැනඩාව අතර අර්බුදකාරී තත්ත්වයක්‌ මතු වී ඇත.

හරින්දර් මල්හි ඉදිරිපත් කළ මෙම යෝජනාවට පක්‍ෂයව මන්ත්‍රීවරු 34 ක්‌ද එරෙහිව පස්‌ දෙනෙක්‌ද ජන්දය භාවිතා කර තිබේ.

එම යෝජනාව ඉදිරිපත් වීම ව්‍යර්ථ කිරීම සඳහා ටොරොන්ටෝ නුවර ඉන්දීය කොන්සල් දිනේශ් භාතියා දැරූ උත්සාහය අසාර්ථක වී ඇත.
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.