මුස්‌ලිම් දේවස්‌ථානවලද ශබ්ද විකාශන භාවිතය ගැන ගායක සෝනු නිගම් කළ ප්‍රකාශයෙන් අර්බුදයක්‌ මතුවෙයි

ඉන්දියාවේ මුස්‌ලිම් දේවස්‌ථානවල ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම පිළිබඳව ප්‍රකට ගායකයකු ප්‍රශ්නයක්‌ මතු කිරීම නිසා චිත්‍රපට ක්‍ෂේත්‍රය දෙකඩ වී ඊට එරෙහිව විවිධ මත ප්‍රකාශ කර ඇත.

තමා මුස්‌ලිම් ජාතියකයකු නොවන බවත් එහෙත් ශබ්ද විකාශන යන්ත්‍රවල ශබ්දයට තමා අවදිවන බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබේ. සෝනු නිගම්ගේ ප්‍රකාශය අර්බුද ඇති කිරීමට මග පාදන බව ඇතැම් චිත්‍රපට කරුවන් ප්‍රකාශ කර ඇත. ඉන්දියාව තුළ බලහත්කාරයෙන් ආගම පැතිර නොවිය යුතු බව නිගම් තවදුරටත් දක්‌වා තිබේ.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.