2017 අප්‍රේල් 21 සිකුරාදා

 

   
   Divaina Editor
   Webmaster
   
කුණු බැහැර කිරීමට බාධා කළොත් අත්අඩංගුවට
සියලුම පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (20 දා) මධ්‍යම රාත්‍රි 12.00 සිට බලපවත්වන පරිදි විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කර ඇත.

'සයිටම්' කොටස්‌ වෙළෙඳපොළට
ජනපති මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කියයි

මාලබේ සයිටම් ආයතනයේ තනි පුද්ගල අයිතිය අහෝසි කර කොටස්‌ වෙළෙඳපොළේ ලැයිස්‌තුගත පොදු ආයතනයක්‌ බවට පත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

මීතොටමුල්ල අවදානම් කලාපයෙන් තවත් පවුල් 120 ක්‌ ඉවතට

අවතැන් වූ පුද්ගලයන් දහසක්‌ පමණ කොළොන ්නාව ටෙරන්ස්‌ සිල්වා විද්‍යාලයේ සිටින බව ද කුණු කන්ද නාය යැමෙන් මේ වන විට නිවාස 80 කට පමණ පූර්ණ හා අර්ධ හානි සිදුවී ඇති බව.....


අතුරුදන් බව කියූ 8 දෙනකුගේ සිරුරු මළ සිරුරු අතර

කුණු කන්ද නායයැමෙන් අතුරුදන් වූ අට දෙනකුගේ මළ සිරුරු දැනට සොයාගෙන ඇති මෘතදේහයන් අතර තිබෙන බවට වාර්තා වී ඇතැයි......

ඒකාබද්ධ විපක්‌ෂයේ ශක්‌තිය මැයි රැලියෙන් පෙන්වනව
- හිටපු ජනපති මහින්ද රාජපක්‌ෂ

මැයි දින රැලිය පැවැත්වීමට ඒකාබද්ධ විපක්‌ෂයට ගාලුමුවදොර පිටිය ලබාදීම ගැන සතුටු වන බවත් එම පිටියට අති විශාල පිරිසක්‌ කැඳවා සිය ශක්‌තිය පෙන්වන බව....


මෝදි වතුකරයේ
ජනතාවත් හමුවෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා මෙරට සිටින වතුකරයේ ජනතාව ඇමැතීමට සූදානමින් පසුවන බව අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා පැවසීය.

කසළ කළමනා කරණය වහාම අත්‍යවශ්‍ය සේවාවක්‌ කළ යුතුයි
- ඇමැති පාඨලී චම්පික රණවක

ආයතන ගණනාවක්‌ මගින් සිදුකරන කසළ කළමනාකරණ කටයුතු එක්‌ මධ්‍යම අධිකාරියක්‌ යටතේ සිදු කළ යුතු බවත් කොළඹ කුණු අපට එපා යන ප්‍රසිද්ධ සටන් පාඨයෙන් මිදී කසළ ගැටලුව තිරසරව විසඳීමට....


නියම වටිනාකම ලැබුණොත් අවදානම් නිවාසවලින් යන්නම්
මීතොටමුල්ල
පන්සල්හේන ජනතාව කියති

"මේ ඉඩම් නිවාස දෙපාර්ත මේන්තුවෙන් තක්‌සේරු කරලා දුන්නේ නිකම් නොවෙයි. අපි සල්ලි දීලයි ගත්තේ. දැන් මේ ගෙවල් අවදානම් කලාප කියලා සලකුණු කරලා තියෙනවා.

ධීවරයකුට රු. ලක්‌ෂ දහයක රක්‍ෂණයක්‌; වාරිකයක්‌ රජයෙන් ගෙවනවා
- ඇමැති මහින්ද අමරවීර

ජීවිත පරිත්‍යාගයෙන් මුහුදට යන ධීවරයා වෙනුවෙන් රු. ලක්‌ෂ දහයක රක්‍ෂණයක්‌ රජයෙන් ලබා දෙනවා. ධීවරයාට සහනයක්‌ වශයෙන් එහි වාරිකය වන රු. 1080/- ද, වරාය නගර ව්‍යාපෘතිය මගින් ගෙවනවා.

සයිටම් අර්බුදය සම්බන්ධව ජනපතිගේ විසඳුම පිළිගන්නේ නෑ
- වෛද්‍ය සංගමය

සයිටම් සිසුන්ට පුහුණුව ප්‍රමාණවත් නොමැති බව සහ ඔවුන් විභාග වලට පෙනී සිටිය යුතු බව ද ජනාධිපතිවරයා පිළිගෙන ඇතැයි කී වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සයිටම් අර්බුදය පිළිබඳ ජනාධිපතිවරයා යම්තාක්‌ දුරට කරුණු තේරුම් ගෙන ඇතැයි කීය.

වකුගඩු රෝග හදන තහනම් ග්ලයි පොසේට්‌ තොගයක්‌ රේගු දැලේ

මෙම තහනම් විෂ රසායනික ද්‍රව්‍ය තොගය කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක්‌ විසින් මෙරටට ගෙනැවිත් තිබූ බවත් අදාළ කන්ටේනර් දෙකෙහි ලීටර් 200 බැගින් වූ බැරල් 160 ක්‌ තිබූ බව....


ගාලුමුවදොර මැයි රැලියට යන ශ්‍රීලනිප මන්ත්‍රීන් ගැන තීරණයක්‌
- එජනිස මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර

රැලිය සංවිධානය කරන්නේ මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතාගේ සහභාගිත් වයෙන් යුතු ශ්‍රී ලංකා පොදු ජන පක්‌ෂය බැවින් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ඊට සහභාගි විය නොහැකි බව....


ඉදිරි සති දෙකේදී රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ තනතුරුවල වෙනසක්‌

රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ වෙනස්‌කම් මෙන්ම ඊට සමගාමීව එම ආයතනවල කාර්යක්‍ෂමතාව වැඩි කිරීම සඳහා පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

කුණු කන්ද නාය යැමට දින 9 කට පෙර ඉවත් වීමට කළ නියෝගය නිවැසියන් ගණන් ගෙන නෑ
- ඇමැති වජිර අබේවර්ධන

ප්‍රාදේශීය ලේකම්වරයාද එම ස්‌ථානය පරීක්‍ෂා කර දිසාපතිවරයා දැනුවත් කිරීමෙන් පසු අනතුරුදායක නිවාස 10 ක නිවැසියන්ට ඒවායින් ඉවත්වන ලෙස දහම්පුර ග්‍රාම නිලධාරි එච්. එම්. කුමාර මහතා විසින් අප්‍රේල් 7 වැනිදා දැනුම් දී ඇතැයි ද අමාත්‍යවරයා කීය.

වී මෝලක්‌
ලී මෝලක්‌ වෙලා

වී සොයා ගැනීමේ අපහසුතාවය හා නිෂ්පාදන වියදම ඉහළ යැම නිසා වී මෝල් වසා දැමීමට සිදුවී ඇති බව එම මෝල් හිමියෝ පවසති.

අංශභාගය සෑදී  වසර 3ක්‌ ඇඳේ සිටි පියෙක්‌ අකුණු සර වැදී මරුට

අකුණු සර වදින අවස්‌ථාවේ පවුලේ සෙසු අය සිටියද මියගිය තැනැත්තා සිටි කාමරයට පමණක්‌ එය බලපා ඇති බව අනාවරණය වී ඇත.

  • ආඛ්‍යාන සිනමාව විචිත්‍ර කළ
    ශ්‍රී ලාංකික සිනමාකරුවා වසන්ත!

    වසන්ත සිනමාව උපයෝගී කර ගනිමින් මෙරටේ සමාජ, සංස්‌කෘතික හා ආර්ථික චලනයන් මෙන්ම පුද්ගල ස්‌වභාවයේ අඳුරු හා ගුප්ත ස්‌වභාවය ද සිනමා රසික හා ප්‍රේක්‌ෂක අබිමුවට රැගෙන ඒමට කැපවූ සිනමාකරුවෙක්‌ විය.

  • රජය කලාව සහ කලාකාරයා දෙස බලන්නේ නැහැ - ප්‍රවීණ කලා ශිල්පී ඩැනී ඩබ්ලිව් පතිරණ

    මගේ චිත්‍රපටය සමඟ තවත් චිත්‍රපට 57 ක්‌ "බෙල්ට්‌" එකේ හිරවෙලා. එහෙම නැත්නම් හිර කරලා. එහෙම කරලා තියන එකට වගකිවයුත්තා චිත්‍රපට සංස්‌ථාව. ඔවුන් තමයි අවස්‌ථාව ලබා නොදෙන්නේ. ගිය වසරේ ජාත්‍යන්තර සම්මාන ලබාගත් චිත්‍රපට වෙනුවෙන් මුලින් අවස්‌ථාව දෙන කතාවක්‌ තමයි කියන්නේ.

  • රට යන අත
    දේශපාලන කඳු ඉරිතලා ගිය සතියක්‌...

    කොලොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නාය යැම සම්බන්ධයෙන් ජනපතිට හෝ ආණ්‌ඩුවට චෝදනා කිරීම වැරදි බවත් එහි සම්පූර්ණ වගකීම මෙගා පොලිස්‌ ඇමැති පාඨලී චම්පික රණවක මහතා බාරගත යුතු බවත් බස්‌නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය පැවසීය.

  • පළාත් ක්‍රිකට්‌ ශූරතාව
    කොළඹ සහ ගාල්ල ජය ලබති

    ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් පළාත් සිව්කොන් ක්‍රිකට්‌ තරගාවලියේ ඊයේ (20 දා) පැවැති තරගවලදී ජය ලැබීමට මිලින්ද සිරිවර්ධනගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්‌ඩායම සහ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්‌ඩායම සමත් විය.

  • එංගලන්තයේදී මුරලිට
    සුපිරි අයි.සී.සී. සම්මානයක්‌

    ලොව ජාත්‍යන්තර ටෙස්‌ට්‌ සහ එක්‌දින ක්‍රිකට්‌ ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා ලෙස ලෝක වාර්තාව සතු කරගෙන සිටින ශ්‍රී ලංකාවේ බිහිවූ සුපිරිතම පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ට ජාත්‍යන්තර ක්‍රිකට්‌ සභාව විසින් පිරිනමන ලොව විශිෂ්ටතම ක්‍රිකට්‌ ක්‍රීඩකයන් ලැයිස්‌තුවට ඇතුළත්වීම සම්මානය ලබන ජුනි මාසයේදී එංගලන්තයේදී පිරිනැමීමට නියමිතව තිබේ.


 





 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.