ඒකාබද්ධ විපක්‌ෂයේ ශක්‌තිය
මැයි රැලියෙන් පෙන්වනවා

- හිටපු ජනපති මහින්ද රාජපක්‌ෂ

නෝමන් පලිහවඩන

මැයි දින රැලිය පැවැත්වීමට ඒකාබද්ධ විපක්‌ෂයට ගාලුමුවදොර පිටිය ලබාදීම ගැන සතුටු වන බවත් එම පිටියට අති විශාල පිරිසක්‌ කැඳවා සිය ශක්‌තිය පෙන්වන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා 'දිවයින'ට ඊයේ (20 දා) පැවසීය.

ගාලුමුවදොර පිටියේ දී පැවැත්වෙන මැයි රැලිය ඓතිහාසික රැලියක්‌ බවට පත්කරන බව ද හෙතෙම කීය.

මේ රජය පිළිබඳව රටේ ජනතාව තැබූ බලාපොරොත්තු සියල්ලම දියවී ගොස්‌ ඇතැයි කී මහින්ද රාජපක්‌ෂ මහතා මෙදා මැයි දිනය දා යහපාලන රජය කෙරෙහි තිබූ ජනතා ප්‍රතිචාරය කෙසේ දැයි කියා තේරුම්ගත හැකි බව ද කීය.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.