ඉදිරි සති දෙකේදී රාජ්‍ය ආයතන
ප්‍රධානීන්ගේ තනතුරුවල වෙනසක්‌


වසන්ත ලියනගේ

ඉදිරි සති දෙක ඇතුළතදී රාජ්‍ය ආයතනවලට නව මුහුණුවරක්‌ ලබා දෙන බවත්, ඒ අනුව රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ තනතුරු වෙනස්‌ විය හැකි බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ වෙනස්‌කම් මෙන්ම ඊට සමගාමීව එම ආයතනවල කාර්යක්‍ෂමතාව වැඩි කිරීම සඳහා පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රගති සමාලෝචන රැස්‌වීම් අවුරුද්දකින් පවත්වා නැතැයි ද ජනාධිපතිවරයා කීය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ද මෙන්ම දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් සිදු කෙරෙන ප්‍රගති සමාලෝචන රැස්‌වීම් පවත්වා නැත්තේ අදාළ මන්ත්‍රීවරුන් ඊට දින ලබා නොදීම නිසා යෑයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එනිසා ඉදිරියේදී අදාළ ප්‍රගති සමාලෝචන රැස්‌වීම් පැවැත්වීමට දින ලබා දීමට කාලසටහනක්‌ සකස්‌ කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

ඊයේ (20 දා) ජනාධිපති මන්දිරයේදී පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා මෙම අදහස්‌ පළ කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.