කසළ කළමනාකරණය වහාම
අත්‍යවශ්‍ය සේවාවක්‌ කළ යුතුයි

- ඇමැති පාඨලී චම්පික රණවක

සිරිමන්ත රත්නසේකර

රජය කසළ කළමනාකරණය වහාම අත්‍යාවශ්‍ය සේවාවක්‌ බවට පත් කළ යුතු බවත් ආයතන ගණනාවක්‌ මගින් සිදුකරන කසළ කළමනාකරණ කටයුතු එක්‌ මධ්‍යම අධිකාරියක්‌ යටතේ සිදු කළ යුතු බවත් මහනගර හා බස්‌නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (20 වැනිදා) එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

කසළ කළමනාකරණය මධ්‍යම අධිකාරියක්‌ මගින් සිදුකිරීම ආයතන අතර පැනනැඟී ඇති ගැටලුවලට මෙන්ම නිසි පරිදි කසළ කළමනාකරණයට හොඳම විසඳුමක්‌ බව පැවැසූ ඇමැතිවරයා දේශපාලන ළදරු වලිප්පුකරුවන්ට තවදුරටත් කසළ ප්‍රශ්නය හුරතල් කිරීමට ඉඩ දිය නොහැකි බවත්, ඔවුන් මේ විනාශ කරන්නේ අනාගත දරුවන්ගේ ජීවිත මෙන්ම අපගේ පරිසරය බවත් සඳහන් කළේය.

ගොඩ ඉංජිනේරුවන් කියන කතා නිසා රට ආපස්‌සට ගිය බව පැවැසූ පාඨලී චම්පික රණවක මහතා මෙම බොරුකාරයන්ට ජනතාව සාප කළ යුතු බවද කියා සිටියේය.

කොළඹ කුණු අපට එපා යන ප්‍රසිද්ධ සටන් පාඨයෙන් මිදී කසළ ගැටලුව තිරසරව විසඳීමට දේශපාලකයන් මෙන්ම සමාජයද අවංකව සංවේදී විය යුතු යෑයි පැවැසූ හෙතෙම කසළ ගැටලුවට විද්‍යාත්මක විසඳුමක්‌ ලබාදීමට ඉඩ නොදුනහොත් තවත් මීතොටමුල්ල වැනි ෙ€දවාචකයක්‌ රට තුළ ඉදිරියටත් ඇතිවිය හැකි යෑයි ද කියා සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.