නියම වටිනාකම ලැබුණොත්
අවදානම් නිවාසවලින් යන්නම්

මීතොටමුල්ල පන්සල්හේන ජනතාව කියති

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, රංජිත් විමලසිරි - වැල්ලම්පිටිය, රත්නමාලි නූපෙආරච්චි - කොළොන්නාව සහ ප්‍රියන්ත මද්දුමආරච්චි - මුල්ලේරියාව

තමන්ගේ නිවාස අවදානම් බවට රජයේ නිලධාරීන් සලකුණු කර ගිය බවත්, එම නිවෙස්‌වල නියම තක්‌සේරු මුදල ලැබුණහොත් තමන් එම නිවෙස්‌වලින් ඉවත්වන බවත්, එම මුදල නොලැබුණහොත් නිවෙස්‌වලින් ඉවත් නොවන බවත් මීතොටමුල්ල පන්සල්හේන ජාතික නිවාස යෝජනා ක්‍රමයේ නිවැසියෝ "දිවයින'' ට ඊයේ (20 වැනිදා) පැවැසූහ.

මීතොටමුල්ල කුණු කන්ද නාය යැමෙන් පසු ප්‍රදේශයේ උද්ගතව ඇති තත්ත්වය සොයා බැලීමට අප ඊයේ (20 වැනිදා) එම ප්‍රදේශයට ගිය අවස්‌ථාවේ එම නිවැසියෝ එසේ කීහ.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඔවුහු මෙසේද කියා සිටියහ.

"මේ ඉඩම් නිවාස දෙපාර්තමේන්තුවෙන් තක්‌සේරු කරලා දුන්නේ නිකම් නොවෙයි. අපි සල්ලි දීලයි ගත්තේ. දැන් මේ ගෙවල් අවදානම් කලාප කියලා සලකුණු කරලා තියෙනවා. අපි මෙතැනින් යන්නේ අපේ ගෙවල්වල වටිනාකමට අදාළ මුදල් ලැබුණොත් විතරයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.