ව්‍යාපාරික තැපැල් අංශයේ ලිපි මුද්‍රා යන්ත්‍රය අවුල්
බලධාරීන්ට වගේ වගක්‌ නැති ලු

ප්‍රියදර්ශන ලියනගේ

වසරකට රුපියල් කෝටි 15 කට අධික ආදායමක්‌ උපයන තැපැල් දෙපාර්තමේන්තුවේ හදවත බඳු ව්‍යාපාරික තැපැල් අංශයේ ව්‍යාපාරික ලිපි මුද්‍රd තබන මැෂින් යන්ත්‍රය දැඩි ලෙස අබලන්ව ඇතත් ඒ සඳහා අලුතින් මැෂින් ලබාදීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් ව්‍යාපාරික තැපැල් අංශය පවත්වාගෙන යැමට නොහැකි තත්ත්වයක්‌ උදාවී ඇතැයි තැපැල් වෘත්තීය සමිති නායකයෝ රැසක්‌ "දිවයින" ට ඊයේ
(20 දා) පැවසූහ.

එහිදී ඔවුහු මෙසේද පැවසූහ. ලිපි මුද්‍රd තැබීම සඳහා දැනට භාවිත කරනු ලබන්නේ වසර 40 කට වඩා

පැරැණි මැෂිමක්‌. මෙම යන්ත්‍රය වසර ගණනාවක්‌ම තැපැල් කෞතුකාගාරය තුළ තිබී පසුව ප්‍රතිසංස්‌කරණය කර ව්‍යාපාරික තැපැල් අංශය වෙත ලබාදී තිබෙනවා. ව්‍යාපාරික තැපැල් අංශයේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යැමට නම් ලිපි මුද්‍රd යන්ත්‍ර තුනක්‌වත් අවශ්‍යයි. නමුත් තැපැල්පතිවරයා ඇතුළු රජය ඒ පිළිබඳව කිසිම අවධානයක්‌ යොමුකර නැත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.