මීතොටමුල්ලේ ෙ€දවාචකයෙන් පසු සෙසු පළාත්වල ජනතාව විරෝධය පාන්නේ දේශපාලනඥයන්ගේ ප්‍රකාශ විශ්වාස නැති නිසායි
මල්වතු පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ
ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමි

සමන්තී වීරසේකර

මීතොටමුල්ල කුණු කන්දේ ෙ€දවාචකයෙන් පසු සෙසු පළාත්වල ජනතාව කසළ බැහැර කිරීමේ ක්‍රියාවලියට විරෝධය දක්‌වන්නේ දේශපාලනඥයන්ගේ ප්‍රකාශ හා පොරොන්දු පිළිබඳව විශ්වාසයක්‌ නොමැති වීම හේතුවෙන් බව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවසූහ.

නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, මහතා ඊයේ (20 දා) මල්වතු විහාරයට ගොස්‌ ආශිර්වාද ලබාගත් අවස්‌ථාවේදී මහ නාහිමියෝ එසේ පැවසූහ.

දේශපාලන වාසි ලබාගැනීම සම්බන්ධයෙන් නොසිතා විපතට පත් ජනතාවට කඩිනමින් සහන සලසා දීමටත් ඔවුන්ගේ ප්‍රශ්න විස¹ දීමටත් කටයුතු කරන්නැයි උන්වහන්සේ නියෝජ්‍ය කථානායකවරයාට දැන්වූහ.

කොළඹ සිට දුම්රියෙන් පුත්තලමට කසළ ගෙන ගොස්‌ කුණු ප්‍රශ්නයට විසඳුම් ලෙස ව්‍යාපෘති සැකසීම සිහිනයක්‌ මිස සැබෑ ලෝකයේ ප්‍රායෝගිකව කළ හැක්‌කක්‌ නොවන බව තිලංග සුමතිපාල මහතා මෙහිදී මහ නාහිමියෝ හමුවේ සඳහන් කළේය.

කසළ සම්බන්ධ ක්‍රියාවලිය සඳහා ජාතික ආයතනයක්‌ රටේ ස්‌ථාපිත විය යුතුව ඇති බවත් පළාත් පාලන ආයතන සමඟ මධ්‍යම රජය එක්‌ව ජාතික ප්‍රතිපත්තියක්‌ යටතේ කටයුතු කිරීම හොඳම විසඳුම බවද ඒ මහතා කීවේය.

නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා එහිදී මෙසේ ද පැවසීය.

ශ්‍රී ලංකාවේ කසළ ප්‍රශ්නය සමස්‌ත රටවැසියන්ටම ප්‍රශ්නයක්‌. මැදි ආදායම් ලබන ජනතාව වැඩි ආදායම් ලබන ජනතාවක්‌ බවට පත් වන විට ඝන අපද්‍රව්‍ය ප්‍රමාණාත්මකව වැඩි වෙනවා. අපි දුප්පත්ම රටක්‌ නම් කුණු ප්‍රශ්නය ගේ අතුගාලා කුණු එකතු කරලා මිදුලේ වළදාලා හරි අවසන් කරන්න පුළුවන්. අපි දැන් ඉහළ ආදායම් ලබන රටක්‌ බවට පත්වන නිසා එය කරන්න බෑ. ලෝකේ හැමතැනම ඒ වගේ. දිනකට ඝන අපද්‍රව්‍ය ටොන් අටදහසක්‌ පමණ දැන් එකතු වෙනවා. ලංකාවේ මිලියන විස්‌සක්‌ ජනතාවගේ කසළ නගරබදව

රැස්‌වෙනවා.

අපි කල්පනා කරන්න ඕනෑ ජාතික ආයතනයක්‌ බිහිවිය යුතුයි. අද අපට එවන් ආයතනයක්‌ නැහැ.

ගාල්ලෙ ප්‍රශ්නය ගාල්ලට නුවර ප්‍රශ්නය නුවරට කොළඹ ප්‍රශ්නය කොළඹට කියලා වෙන් වෙලා මේ ප්‍රශ්නෙ විසඳන්න බැහැ. ජාත්‍යන්තර තාක්‍ෂණික දැනුම උදව් කරගෙන ජාතික ආයතනයක්‌ මගින් ප්‍රශ්නය විසඳන්න පියවර ගන්න ඕනෑ. ඒ කාලේ ලුණු සංස්‌ථාව වී. අලෙවි මණ්‌ඩලය, තුනී ලෑලි සංස්‌ථාව ස්‌ථාපනය කලේ ඒ විදිහටයි.

පුත්තලම ව්‍යාපෘතිය පට්‌ටපල් බොරුවක්‌. කෝච්චියක්‌ කොළඹ ඉඳන් පුත්තලමට ගිහින් එතන ඉදන් තවත් කිලෝමීටර් දහඅටක්‌ එහාට යන්න ඕනෑ. කසළ ටොන් එකක්‌ ගෙනියන්න රුපියල් අටදහසක්‌ වැය වෙනවා. මෙය මුදල් නාස්‌තියක්‌. ප්‍රතිචක්‍රීයකරනවාය කියන එක සරල ක්‍රියාවකුත් නොවෙයි. දෙක පාස්‌ ළමයෙක්‌වත් මේවගේ හීන කතා කියන්නෙ නැහැ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.