වෙඩිවත්තේ කඩයක මිනී මැරුමක්‌

ක¹න විශේෂ - රුක්‌මන් පින්තු

කඩවත වෙඩිවත්ත ප්‍රදේශයේ තේ කඩයක්‌ තුළ දෙදෙනකු අතර ඇති වූ ආරවුලකදී එක්‌ පුද්ගලයකුගෙන් එල්ල වූ තියුණු මන්න ප්‍රහාරයකින් බරපතළ කැපුම් තුවාල ලැබූ පුද්ගලයකු ඊයේ (20 දා) සවස 2.30 ට පමණ මරණයට පත් වී ඇත.

මෙලෙස බරපතළ කැපුම් තුවාල ලබා මියගොස්‌ ඇත්තේ අංක 296/9 පරකන්දෙනිය ඉඹුල්ගොඩ පදිංචි ජානක කුමාර (35) නමැති එක්‌දරු පියෙකි.

දෙදෙනා අතර ඇති වූ ගැටුමෙන් කැපුම් තුවාල ලැබූ සාකකරු ද ඊයේ සවස රාගම රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුළත් වී තිබිණි.

රාගම රෝහල් පොලිස්‌ ස්‌ථානයේ පොලිස්‌ කොස්‌තාපල් ලක්‌මාල් (72363) ඝාතනය වූ අයගේ භාරකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගත්තේය. පශ්චාත් අධිකරණ මරණ පරීක්‍ෂණ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලදී. මෙම සිද්ධිය සම්බන්ධව කඩවත පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.