ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනිය යහලකැලේ වත්තේ සංචාරය කරයි

ඉංගිරිය - ඩී. දර්ශන, හඳපාන්ගොඩ - රජිත

ශ්‍රී ලංකාවේ නව කියුබානු තානාපතිනිය ලෙස මෙරටට පත්ව ආ හෙලේනා ජුවානා රාමෝස්‌ මහත්මිය පසුගියදා හොරණ මොරගහහේන යහලකැලේ වත්ත ප්‍රදේශය වෙත පැමිණියාය. ඒ කියුබානු විප්ලවාදියකු වන අර්නස්‌ටෝ ෙච් ගුවේරා විසින් ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයේදී රෝපණය කරන ලද මහෝගනී වෘක්‌ෂය නිරීක්‌ෂණය කිරීම සඳහායි.

මහජන එක්‌සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මෙම පිරිස පිළිගන්නා ලදී. අර්නස්‌ට්‌ ෙච් ගුවේරා විසින් රෝපණය කරන ලද වෘක්‌ෂ අතරින් දැනට ලොව ඉතිරිව පවතින එකම සිහිවටනය ලෙසයි මොරගහහේන යහලකැලේ වත්තේ ඇති මෙම වෘක්‌ෂය පිළිගැනෙන්නේ. එය නිරීක්‌ෂණය කළ රාමෝස්‌ මහත්මිය ඇතුළු පිරිස එහි සිහිවටන ඵලකය සහිත ස්‌මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරනු ලැබුවාය. මෙම අවස්‌ථාවට අයිකැප් කියුබානු ශ්‍රී ලංකා මිත්‍ර සංගමයේ යෑක්‌නියා කැල්ගාඩෝ රෝසා මෙනවිය ඇතුළු පිරිසක්‌ එක්‌ව සිටියහ. මෙම ගස සිටුවන අවස්‌ථාවේ ඊට දායක වූ පිරිස්‌ අතරින් දැනට ජීවත්ව සිටින එකම පුද්ගලයා වන සෝමපාල මහතාද මීට සහභාගි විය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.