වී මෝලක්‌ ලී මෝලක්‌ වෙලා

වත්තේගම - කේ. එම්. එස්‌. බණ්‌ඩාර

වසර ගණනාවක්‌ සහල් නිෂ්පාදනය කළ වත්තේගම ප්‍රදේශයේ සහල් මෝල් රැසක්‌ මේ වන විට වසා දමා තිබේ. වී සොයා ගැනීමේ අපහසුතාවය හා නිෂ්පාදන වියදම ඉහළ යැම නිසා වී මෝල් වසා දැමීමට සිදුවී ඇති බව එම මෝල් හිමියෝ පවසති.

මහා පරිමාණයෙන් සහල් නිෂ්පාදනය කළ රයිතලාවෙල ප්‍රදේශයේ වසා දමන ලද වී මෝලක මේ වන විට ලී මෝලක්‌ ආරම්භ කර ඇත.

මේ අතර වත්තේගම රහස්‌ඇල්ල ප්‍රදේශයේ වසාදැමුණු සහල් මෝලක කරාබු, ගම්මිරිස්‌ ආදිය වියළීමේ ස්‌ථානයක්‌ ආරම්භ කොට තිබේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.