අංශභාගය සෑදී  වසර 3ක්‌ ඇඳේ සිටි
පියෙක්‌ අකුණු සර වැදී මරුට


අරණායක - ගරුමුණි තිලකරන්න

අංශභාගය රෝගය වැළඳී අවුරුදු තුනකට ආසන්න කාලයක්‌ ලෙඩ ඇඳේ වැටී සිටි හැට නව හැවිරිදි පියෙකු හතර වැනිදා සවස අකුණු සර වැදී මිය ගොස්‌ ඇතැයි කියන අවාසනාවන්ත සිද්ධියක්‌ මාවනැල්ල දොඩන්තලේ ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

දොඩන්තලේ ප්‍රදේශයට එදින ඇදහැලුණු මහ වැසි සමග පතිතවූ අකුණු සරකට ගොදුරුවී මෙලෙස මිය ගොස්‌ ඇත්තේ දොඩන්තලේ පදිංචිව සිටි මෑත්ගමුවේ කරුණාතිලක (69) නමැති තිදරු පියෙකි.

මෙම අකුණු සර වදින අවස්‌ථාවේ පවුලේ සෙසු අය සිටියද මියගිය තැනැත්තා සිටි කාමරයට පමණක්‌ එය බලපා ඇති බවද මේ සම්බන්ධයෙන් පවත්වන ලද පොලිස්‌ පරීක්‍ෂණයෙන් අනාවරණය වී ඇත.

අකුණු සර වැදුණු වහාම බරපතළ පිලිස්‌සුම් තුවාල සහිතව මිය ගිය අය මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පස්‌වැනිදා පෙරවරුවේ මියගොස්‌ ඇති බවද සඳහන්ය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.