සිරගත සැමියාට කුඩු දෙන්න
දරු දෙදෙනා සමග ඇවිත්


වාද්දුව- සිරිසෝම සුසෙව්හේවා

කුඩා ළමයින් දෙදෙනෙක්‌ අතින් අල්ලාගෙන සිරුරේ මත්කුඩු පැකට්‌ එකක්‌ සඟවාගෙන කළුතර ජාවත්ත සිර කඳවුරේ සිටින තම ස්‌වාමිපුරුෂයා බැලීමට පැමිණි කාන්තාවක්‌ බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර පිවිසුමේදී පෙරේදා (19 දා) සන්ධ්‍යාවේ අත්aඅඩංගුවට ගෙන තිබේ.

සැකකාර කාන්තාව මිල්ලනිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35 ක පමණ තැනැත්තියක්‌ බව කළුතර ජාවත්ත බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

එම සැකකාර කාන්තාව කුඩා ළමයින් දෙදෙනා ද සමග වැඩිදුර පරීක්‍ෂණ සඳහා එදිනම රාත්‍රියේ උතුරු කළුතර පොලිසියට භාරදී තිබේ.

උතුරු කළුතර පොලිසිය මේ පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.