පළාත් ක්‍රිකට්‌ ශූරතාව
කොළඹ සහ ගාල්ල ජය ලබති
චන්දිමාල් සහ චතුරංග අර්ධ ශතක ලබති

අසේල විතාන

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් පළාත් සිව්කොන් ක්‍රිකට්‌ තරගාවලියේ ඊයේ (20 දා) පැවැති තරගවලදී ජය ලැබීමට මිලින්ද සිරිවර්ධනගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්‌ඩායම සහ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්‌ඩායම සමත් විය.

ප්‍රසාද ලකුණු සටහනේ අපරාජිතව පළමු තැනට පත්ව සිටි චාමර කපුගෙදරගේ නායකත්වයෙන් යුත් කොළඹ පිල එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී ලකුණු 106 ක දැවැන්ත පරාජයකට ඇද දැමීමට කොළඹ පිල සමත් විය. කොළඹ පිල වෙනුවෙන් නායක දිනේෂ් චන්දිමාල් පන්දු 77 කදී ලකුණු 76 ක්‌ ලබා සිටියදී දුවද්දී දැවී යාමකට හසුවිය. ආරම්භක පිතිකරුවන් වූ ඩිල්ෂාන් මුණවීර ලකුණු 52 ක්‌ සහ ළහිරු තිරිමාන්න ලකුණු 49 ක්‌ ලබා ගනිමින් සාර්ථක ආරම්භයක්‌ ලබා දුන්නේය.

පන්දු යෑවීමේදී මහනුවර පිළ විනාශ කළ සචිත්‍ර සේනානායක සහ ද සිල්වා යුගල ලකුණු 76 කට කඩුලු හයක්‌ බිඳ දැමූහ. ඒ අනුව කොළඹ පිල තරගාවලියේ දෙවැනි ජය ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්‌ථානයේ සිට තෙවැනි ස්‌ථානය දක්‌වා උසස්‌වීම් ලැබීය.

දඹුල්ලේදී පැවැති තරගයේදී උපුල් තරංගගේ නායකත්වයෙන් යුත් ගාල්ල පිලට එරෙහිව අවසන් පන්දුවේදී එක්‌ කඩුල්ලක ජයක්‌ වාර්තා කිරීමට මිලින්ද සිරිවර්ධන නායකත්වය දැරූ දඹුල්ල කණ්‌ඩායම සමත් විය. ගාල්ල කණ්‌ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම අර්ධ ශතකය චතුරංග ද සිල්වා (56) වාර්තා කළේය.

තරග ප්‍රතිඵල

ගාල්ල සහ දඹුල්ල (දඹුල්ලේදී)

ගාල්ල පන්දුවාර 50 කදී කඩුලු 8 කට ලකුණු 250 යි. (චතුරංග ද සිල්වා 56, සීක්‌කුගේ ප්‍රසන්න 46, උපුල් තරංග 26, දිමුත් කරුණාරත්න 24, ධනංජය ද සිල්වා 17, දෙනුවන් භානුක 11, චාමික කරුණාරත්න 24, සුරංග ලක්‌මාල් 33, සධීර සමරවික්‍රම 01, නුවන් කුලසේකර 38/1, දිල්රුවන් පෙරේරා 28/2, ළහිරු කුමාර 52/2, අශාන් ප්‍රියංජන 46/1, මිලින්ද සිරිවර්ධන 18/2 යි.)

දඹුල්ල පන්දුවාර 50 කදී කඩුලු 9ට ලකුණු 251 යි. (උදාර ජයසුන්දර 33, අවිශ්ක ප්‍රනාන්දු 19, හර්ෂ කුරේ 46, මිලින්ද සිරිවර්ධන 39, කුසල් මෙන්ඩිස්‌ 21, අශාන් ප්‍රියංජන් 33, ඩිල්රුවන් පෙරේරා 29, නුවන් කුලසේකර 11, ළහිරු කුමාර නොදැවී 05, මලින්ද පුෂ්පකුමාර 47/2, චාමික කරුණාරත්න 23/2, චතුරංග ද සිල්වා 36/2, සීක්‌කුගේ ප්‍රසන්න 46/2 යි.)

කොළඹ සහ මහනුවර (එන්.සී.සී.)

කොළඹ පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 288 යි. (ඩිල්ෂාන් මුණවීර 52, ළහිරු තිරිමාන්න 49, ෂෙහාන් ජයසුරිය 12, දිනේෂ් චන්දිමාල් 76, කිත්රුවන් විතානගේ 12, හර්ෂ ද සිල්වා 49, සචිත්‍ර සේනානායක 18, නුවන් ප්‍රදීප් 56/3, චරිත් අසලංක 32/2, )

මහනුවර පන්දුවාර 38 කදී සියල්ල දැවී ලකුණු 182 යි. (සඳුන් වීරක්‌කොඩි 29, චාමර කපුගෙදර 36, සචිත් පතිරණ 46, සී. පීරිස්‌ 19, සචිත්‍ර සේනානායක 39/3, එච්. ද සිල්වා 37/3, ඩිල්ෂාන් මුණවීර 18/2 යි.)
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.