රාජකීය ක්‍රිකට්‌ පිල 'ෆේල්'
කරන තීරණය දෝලනය වෙයි


ගයාශාන් විතානආරච්චි

කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු පෙළ ක්‍රිකට්‌ කණ්‌ඩායමට ව්‍යාජ ලෙස ක්‍රීඩකයෙකු ලියාපදිංචි කරමින් ක්‍රීඩා කිරීමේ වරදට දඬුවම තවමත් තීරණය කර නොමැති බවට පාසල් ක්‍රිකට්‌ සංගමයේ ලේකම් කපිල ජයලත් මහතා 'දිවයින' කළ විමසීමකදී පවසා සිටියේය.

ඒ මහතා පවසන පරිදි අදාළ වරද සඳහා සුදුසු දඬුවම ඉදිරියේදී විධායක කමිටුවේ තීරණය අනුව තීන්දු කරන බව අනාවරණය විය.

'අපි තාම ඒ සඳහා දෙන දඬුවම මොකක්‌ද කියලා තීරණය කරලා නෑ. ඒක තනියම තීරණය කරන්න පුළුවන් දෙයක්‌ නෙමෙයි. ඒ නිසා අපි අපේ විධායක කමිටුවට මෙම ගැටලුව යොමු කරලා ඒ සඳහා සුදුසු දඬුවම ලබා දෙනවා' යෑයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

කෙසේ නමුත් මීට ප්‍රථම මෙවැනි වරදක්‌ වූ බවට කිසියම් පාසල් ක්‍රිකට්‌ කණ්‌ඩායමක්‌ වැරදිකරු බවට පත්වු හොත් එම වරදට දඬුවම වශයෙන් අදාළ පාසල් කණ්‌ඩායම ක්‍රීඩාකළ කාණ්‌ඩයෙන් පහළ කාණ්‌ඩයට දමනු ලැබීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.