25 වැනි නරියාකන්ද සුපර්ක්‍රොස්‌ හෙට ඇරඹේ

ගයාශාන් විතානආරච්චි

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන දිවයිනේ ප්‍රමුඛ පෙළේ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියක්‌ වන නරියාකන්ද සුපර්ක්‍රොස්‌ තරගාවලිය හෙට දියතලාව නරියාකන්ද ධාවන පථයේදී පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා තිබේ.

25 වැනි වරටත් පැවැත්වෙන අදාළ තරගාවලිය සඳහා මෝටර් රථ ඉසව් 12 ක්‌ සහ යතුරු පැදි ඉසව් 12 ක්‌ ඇතුළත් වන අතර ඒ ඔස්‌සේ දක්‌ෂතම මෝටර් රථ සහ දක්‌ෂතම යතුරුපැදි ධාවකයා තේරීමට නියමිතය.

ඉකුත් වසරේ දක්‌ෂතම මෝටර් රථ ධාවකයා වශයෙන් පසිඳු පීරිස්‌ සම්මාන දිනාගත් අතර දක්‌ෂතම යතුරුපැදි ධාවකයා වශයෙන් ඉෂාන් දසනායක සම්මාන දිනාගනු ලැබීය.

ඒ අනුව මේ වනවිට යතුරුපැදි අංශයෙන් ධාවකයින් 144 ක්‌ සහ මෝටර් රථ ධාවකයින් 112 ක්‌ සමගින් සමස්‌ත ධාවකයින් 256 ක්‌ මේ වනවිට අදාළ තරගාවලිය සඳහා ලියාපදිංචි වී තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.