මැතිව්ස්‌ පදම් වෙයි

මාස කිහිපයකින් පසුව ක්‍රිකට්‌ පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස්‌ අයි.පී.එල්. තරගාවලියේදී දිල්ලි ඩෙයා ඩෙවිල්ස්‌ පිල නියෝජනය කරමින් සන්රයිසස්‌ හයිද්‍රdබාද් පිලට එරෙහිව පන්දු 23 කදී හතරේ පහර දෙකක්‌ සහ හයේ පහරක්‌ සමග ලකුණු 31 ක්‌ ලබා ගත්තේය.

පන්දු යෑවීමේදී මැතිව්ස්‌ යවන ලද පන්දු ඕවර තුනදී සන්රයිසස්‌ පිතිකරුවන් ලකුණු 41 ක්‌ උදුරා ගැනීමට සමත් විය. කෙසේ වෙතත් සන්රයිසස්‌ කණ්‌ඩායමේ ෂිකර් ධවාන් (70) සහ කේන් විලියම්සන් (89) ලබාගත් අර්ධ ශතක හමුවේ ලකුණු 191 ක දැවැන්ත අභියෝගයක්‌ හඹා ගිය දිල්ලි පිලට ලබාගත හැකිවූයේ ලකුණු 176 ක්‌ පමණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.