සිලෝන් පිලේ තුන් ඉරියව් ක්‍රීඩකයකු වූ
බර්ටි විඡේසිංහ මියයයි


ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌ වරම් ලැබීමට පෙර සිලෝන් කණ්‌ඩායම නියෝජනය කළ බර්ටි විඡේසිංහ මහතා අභාවප්‍රාප්ත වූ අතර මිය යන විට ඔහු 96 හැවිරිදි විය. ගල්කිස්‌ස ශාන්ත තෝමස්‌ විදුහලේ ආදි සිසුවකු වන ඔහු 1936-1939 වකවානුවේ ශා.තෝමස්‌ විදුහල් කණ්‌ඩායම නියෝජනය කර තිබේ.

බර්ටි විඡේසිංහ සමග සිලෝන් කණ්‌ඩායම නියෝජනය කළ සිදත් වෙත්තමුණි පවසන්නේ, ''ඔහු දක්‍ෂ ක්‍රිකට්‌ ක්‍රීඩකයෙන් වගේම විශිෂ්ට පුහුණුකරුවෙක්‌. එස්‌.එස්‌.සී. කණ්‌ඩායම නියෝජනය කළ විශිෂ්ටතම ක්‍රිකට්‌ ක්‍රීඩකයකු වගේම හොඳ මනුස්‌සයෙක්‌. ඔහුට අපි ණයගැතියි.'' යනුවෙනි.

හිටපු ශ්‍රී ලංකා සහ එස්‌.එස්‌.සී. නායක අනුර තෙන්නකෝන් මහතා පවසන්නේ, ''බර්ටි මට පාසල් කාලයේ ඉඳල උදව් කළා. ඔහු මගේ ක්‍රිකට්‌ තාක්‍ෂණයේ දෝෂ පවා නිවැරදි කර දුන්නා.'' යනුවෙනි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.