එතෙර කෙළිබිම
සෙරීනා මවු පදවියට සූදානමින්



ලොව අංක දෙකට ශ්‍රේණිගතව සිටින සුපිරි ටෙනිස්‌ ශූරිය වන ඇමරිකාවේ සෙරීනා විලියම්ස්‌ මව් පදවිය සඳහා සූදානම්ව සිටින බව විදෙස්‌ වාර්තා සඳහන් කරයි. මේ වන විට ඇය ගර්භණී බවට පත්ව සති විස්‌සක කාලයක්‌ ගතවී ඇති බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

ලබන සතියේදී ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට පත්වීමටද සෙරීනා සූදානමින් සිටින අතර ඇය ඔස්‌ටේ්‍රලියානු විවෘත ටෙනිස්‌ ශූරතාවලියේ ග්‍රෑන්ඩ් ස්‌ලෑම් ශූරතාව 23 වරක්‌ ජය ගෙන ලෝක වාර්තාවක්‌ පිsහිටුවීමට සමත්ව ඇත. 35 වැනි වියේ පසුවන සෙරීනා විලියම්ස්‌ දරු ප්‍රසූතියෙන් පසු ඉතාමත් කෙටි කලකදී යළි ටෙනිස්‌ පිටියට පැමිණෙන බවද මාධ්‍ය හමුවේ පවසා තිබේ.

''මම මේ ගැන ගොඩක්‌ සතුටට පත්වෙනවා. දරුවා ලැබිල මාස 12 ක්‌ ගියාට පසුව මම ආයිත් ටෙනිස්‌ පිටියට එනවා'' යෑයි ඇය සඳහන් කළාය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.