ෆොක්‌ස්‌හිල් සුපර් ක්‍රොස්‌ සඳහා
අනුග්‍රහය දැක්‌වීමට සිල්වර් ඉදිරිපත් වේ

රේන්කෝ (පෞද්ගලික) සමාගමට අයත් "සිල්වර්" වෙළෙඳ නාමය ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය වන ෆොක්‌ස්‌හිල් සුපර්ක්‍රොස්‌ තරගාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකයෙක්‌ ලෙස ඉදිරිපත්ව සිටියි. ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨය 25 වැනි වරටත් සංවිධානය කරන ෆොක්‌ස්‌හිල් සුපර්ක්‍රොස්‌ තරගාවලිය අප්‍රේල් 22 වැනි දින දියතලාව, නරියාකන්ද ධාවන පථයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ෆොක්‌ස්‌හිල් සුපර් ක්‍රොස්‌ තරගාවලිය රජත ජයන්තිය සමරන මේ වසරේදී ඊට සමගාමීව යමින් "රජත" යන අර්ථය ඇති රේන්කෝහි සිල්වර් සන්නාමයට ඒ සඳහා අනුග්‍රාහක දායකත්වය සැපයීමට ලැබීම ඉතා සුවිශේෂී අවස්‌ථාවක්‌ බව රේන්කෝ (පෞද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි අහමඩ් අරූස්‌ මහතා ෆොක්‌ස්‌හිල් සුපර්ක්‍රොස්‌ තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස්‌ දක්‌වමින් කියා සිටියේය. පාවහන්වල ආරක්‌ෂාව සහ ඔපය රැකදීම වෙනුවෙන් කැපවී සිටින "සිල්වර්" නිෂ්පාදන මෙවර ෆොක්‌ස්‌හිල් සුපර්ක්‍රොස්‌ තරගාවලියේදී නිල වශයෙන් පාරිභෝගික ජනතාවට හඳුන්වා දීමට කටයුතු සූදානම් කර ඇති බවද ඔහු පැවසීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.