ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ දැනුවත් කිරීමේ
වැඩසටහන් දිවයින පුරා



ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ ආයතනයේ නිලධාරීන් රැසකගේ සහභාගිත්වය යටතේ සුරක්‍ෂිතතාවය හා රක්‍ෂණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්‌ අප්‍රේල් 1 දින දිවයින පුරා ක්‍රියාත්මක විය. ආයතනයේ නිලධාරීන් මෙම පණිවුඩයත් සමඟ ගෙන් ගෙට ගිය අතර දීප ව්‍යාප්තව මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක විණි. මෙය ජාතියේ ශක්‌තිමත්ම රක්‍ෂණ සමාගම මඟින් යම් විපත් අවස්‌ථාවකදී රක්‍ෂණයක්‌ සමඟ සුරක්‍ෂිතව සිටීමේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට ගන්නා උත්සාහයේ කොටසකි. මෙම වැඩසටහනේ දෙවැනි අදියර අප්‍රේල් 22 පැවැත්වීමට නියමිත අතර ඉකුත්දා පැවති වැඩසටහනේ අවස්‌ථාවන් ඡායාරූපයෙන් දැක්‌වේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.