RDB බැංකුවේ අවුරුදු ගනුදෙනු රටපුරා

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සියලු ශාඛා 2017 අප්‍රේල් 15 වැන දින නව වසරේ ගනුදෙනු කටයුතු සඳහා විවෘත කරන ලදී.

මෙදින ඉහළ පොලියක්‌ සහිතව RDB අතට පොළිය විශේෂ ස්‌ථාවර තැන්පතු ක්‍රමයක්‌ හඳුන්වා දුන් අතර, ඒ සඳහා ගනුදෙනුකරුවන්ගේ ඉහළ ප්‍රතිචාරයක්‌ ලැබි තිබෙනු දක්‌නට ලැබුණි.

තවද සුපුරුදු පරිදි වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන - පැයෙන් පැයට බඩු මල්ලක්‌ ලබාදීමේ වැඩසටහන මේ වසරේදී ද සිදු කළ අතර, ඒ සඳහා ගනුදෙනුකරුවන් උද්යෝගිමත්ව සහභාගි වන අයුරු දක්‌නට ලදී. මෙම වැඩසටහන යටතේ ශාඛා 268 පුරා ගනුදෙනුකරුවන් වෙත බෙදා දෙන ලද බඩු මළු සංඛ්‍යාව එක්‌ දහස්‌ තුන්සියය ඉක්‌ම විය.


 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.