ජිනීවා කවුන්සිලයේ ශ්‍රී ලංකාවට
එරෙහි වංචාවක්‌ හෙළිවේ


කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ සිදු වූ බරපතළ වංචනික ක්‍රියාවක්‌ ගැන තොරතුරු හෙළිවී ඇත.

මානව හිමිකම් කවුන්සිලයේ රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලය ශ්‍රී ලංකාවට එරෙහිව එකම සංවිධානයකට වාර්තා නවයක්‌ ඉදිරිපත් කිරීමට ඉඩදීමේ සිද්ධිය මෙම වංචනික ක්‍රියාවයි.

මේ වාර්තා නවය ඉදිරිපත් කර ඇත්තේ ප්‍රංශයේ භාරතී සෙන්ටර් සංවිධානයයි.

විශාල මුදල් ගනුදෙනුවක්‌ සිදුවී තිබෙනවා. එකම සංවිධානයකට වාර්තා 9 ක්‌ ඉදිරිපත් කිරීම සඳහා අවසරදීම නීති විරෝධී යෑයි මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පැවැසීය. මෙම වංචනික ක්‍රියාවට සම්බන්ධ සංවිධානය මෙහෙයවන්නේ කොටි ඩයස්‌පෝරාවේ මරියදාස්‌ නමැත්තෙකි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.