නිපෝන් පේන්ට්‌ ලංකා සමාගම
ශ්‍රී ලාංකිකයන්ට AYDA සම්මාන
සඳහා දොරටු විවර කරයි...



ආසියානු කලාපයේ ප්‍රධානතම තීන්ත හා ආලේපන නිෂ්පාදන සමාගමක්‌ වන නිපෝන් පේන්ට්‌ සමාගම Young Designer Award (AYDA) 2016 වෙනුවෙන් කලාපීය ඉගෙනුම් වැඩසටහන (AYDA Regional Learning Programme) සහ ප්ලැටිනම් සම්මාන වැඩසටහන සංවිධානය කිරීමට පසුගියදා කටයුතු කළේ ය. ඉන්දුනීසියාවේදී දින 3 ක්‌ පුරා පැවති මෙය, ප්ලැටිනම් සම්මාන වෙනුවෙන් තරග වදින රටවල් 15 ක තරගකරුවන් සඳහා වූ අවසන් තරග අදියරද වූ අතර මේ සඳහා සැලසුම්කරණය හදාරන සිසු සිසුවියන් 300 කට ආසන්න පිරිසක්‌ සහ ආසියානු කලාපයේ සැලසුම්කරණ ක්‌ෂේත්‍රයේ විශේෂඥයෝ පිරිසක්‌ සහභාගී වූහ.

AYDA Regional Learning Programme වැඩසටහන මගින් මෙම තරගයට සහභාගී වූ සිසු සිසුවියන්ට ඉගෙනුම් සැසි, අධ්‍යයන චාරිකා ආදිය මෙන්ම ක්‌ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ අදහස්‌ හුවමාරු කරගැනීමේ අවස්‌ථාව වැනි වටිනා අවස්‌ථා රැසක්‌ උදාකර දෙන ලදී. මෙවර මෙම වැඩසටහන පැවැත්වුණේ 9 වන වරට වන අතර නගර සැලසුම්කරුවන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක්‌ එහි දේශන සඳහා එක්‌වූහ. ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්ය කෙන් යීන්ග් (මැලේසියාව), ගෘහ නිර්මාණ ශිල්පී කොලින් සියා (සිංගප්පූරුව), ගෘහ නිර්මාණ ශිල්පී සිබ්රානි සොµsයාන් (ඉන්දුනීසියාව) සහ ව්‍යවසායකයෙකු වන ඊ සූන් වෙයි (මැලේසියාව) යන ප්‍රවීණයන් මේ සඳහා දායකත්වය ලබාදුන් අතර මෙම වැඩසටහනේ තේමාව වූයේ 'Be Bold. Be Free. Be You' යන්නය.

නිපෝන් පේන්ට්‌ ලංකා (පුද්.) සමාගම නිසා ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට ප්‍රථම වතාවට AYDA 2016 තරගාවලිය නියෝජනය කිරීමේ අවස්‌ථාව ලැබිණි. AYDA 2016 වැඩසටහනේ ශ්‍රී ලංකා අදියර 2016 ජූනි 12 වනදා ආරම්භ වූ අතර ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පී ආයතනයේ අධීක්‌ෂණය යටතේ එම තරග පවත්වන ලදී. විවිධ කාණ්‌ඩ යටතේ ජයග්‍රාහකයන් තේරීමද එම ආයතනය මගින්ම සිදුකෙරිණි. ගෘහ නිර්මාණ ශිල්පය හදාරන 3 වන හෝ 4 වන වසරවල සිසු සිසුවියන්ට මෙම තරගය විවෘත වූ අතර අභ්‍යන්තර අලංකරණය උපාධියේ 2 වන හා 3 වන වසර සිසු සිසුවියන්ටද මේ සඳහා අවස්‌ථාව සලසා දෙන ලදී. මේ අතරින් ගෘහ නිර්මාණකරණය සහ අභ්‍යන්තර අලංකරණය කාණ්‌ඩ දෙක යටතේ ජයග්‍රහණය ලැබූ දෙදෙනකුට දින 3 ක්‌ පුරා පැවති AYDA Regional Learning Programme සඳහා සහභාගී වීමේ අවස්‌ථාව උදා විය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.