දුරස්‌ වූ අය වශීකර ගන්නේ මෙහෙමයි

කවාලා විළඳ ජාති ඇති කරත් රන් කූඩුවේ ගිරවා දමාලා යන්නෙ ඉගිලී රැව්දිදී ලබනා සෙ වන සැපතා යනුවෙන් ඉතා ප්‍රසිද්ධ ජනප්‍රිය ගීතයක්‌ තිබේ. එහි සරල තේරුම ලෙස අප අවබෝධ කොට ගත යුත්තේ කොපමණ හොඳින් සලකා ලෙන්ගතුව සිටියද ක්‍ෂණයකින් සිත් වෙනස්‌ වී කෙනෙකු හා අප අතර පවතින ඇසුර බිඳ වැටිය හැකි බවය.

අප ජීවත් වන මේ විෂම සමාජයේ පවතින නොයෙකුත් විපරීතකම් හමුවේ අද පෙම්වතුන් පෙම්වතියන්, අඹු සැමියන්, ඥති හිත මිත්‍රාදීන් වසර ගණන් පවත්වා ගෙන එන බලවත් සබඳතා ඉතා සුළු නොවැදගත් හේතු කාරණා මුල්a කොට ගනිමින් ඇති කර ගන්නා සිත් නොහොඳකම් මත දුරස්‌ වන්නට පෙළඹෙන අවස්‌ථා එමටය.

එලෙස යම් අයෙක්‌ අප කෙරෙන් දුරස්‌ වූවාට පසු නැවත අප වෙත ළං කර ගැනීමට කටයුතු කිරීම අශ්වයා පැන ගියාට පසු ඉස්‌තාලය වසා දැමීම වැනි ක්‍රියාවකි. එබැවින් ඔබ හා ලෙන්ගතුව සිටින අතරතුර කෙනෙකු දුරස්‌ වන ලකුණු ඔබට සැලවීමත් සමඟ එසේ වීමට ඉඩ නොදී පවතින සබඳතා පෙරටත් වඩා ශක්‌තිමත් කර ගැනීමට ඉක්‌මන් ප්‍රතිඵල ලබාදෙන ගුප්ත කටයුතු ඕනෑ තරම් මේ යන්න මන්ත්‍ර ශාස්‌ත්‍රය තුළ පවතී.

අපේ පැරණි මුqතුන් මිත්තන්ගෙන් දායාදව ඉතිරිව පවතින මෙම ශාස්‌ත්‍රය හරියාකාරව සිදු කළහොත් ඉතා යහපත් ප්‍රතිඵල ළඟා කරගත හැකි අතර, ඒ සඳහා යොමු වන ඔබට එවැනි එක්‌ ක්‍රමයන් මෙලෙස මතක්‌ කර දෙමු.

එළ බිම් තඹුරු - එළ පිටවක්‌කා - එළ කමුරොඩු - සුවඳ කොට්‌ටන් - දේවදාර - සීනි - මී පැණි යන ද්‍රව්‍ය සම සමව ගෙන වශී මන්ත්‍රයකින් 1008 වරක්‌ නැවත ජප කර ගන්න. එලෙස ජප කරගත් ඔෂධ එළඟි තෙලෙන් අඹරා ඊට දකුණු අතේ මහපට ඇඟිල්ලෙන් එවේලේ ගත් ලේ බිංදු 3 ක්‌ මිශ්‍ර කර පෙර මන්ත්‍රයෙන් 1008 වරක්‌ ජීවම් කරන අතරතුර තමාට ළං කරගත යුතු අයගේ නමද එක්‌ මන්ත්‍ර පාඨයන් පාසා කියමින් ජීවම් කරගෙන එම ඖෂධයෙන් රටකජු ඇටයක ප්‍රමාණය තමා වෙත ආකර්ෂණය කරගත යුතු අයට කෑමකට හෝ බිමකට එක්‌කර දීමෙන් අදාළ අය ජීවිතය ඇති තුරා තමාට වසඟ වී තම බසට අවනතව සිටිනු ඇත. වැඩිදුර විස්‌තර සඳහා 078-6107052 අංකය අමතන්න.

ගුප්ත විද්‍යාවේදී - කේ. එස්‌. යෝදින්ගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.