යුද්ධයෙන් මියගිය අයගේ නම් සඳහන් කළුගල් ස්‌මාරකයක්‌ තැනීමට වෙල්ලිමුල්ලිවයික්‌කාල් වැසියෝ සූදානම් වේ?

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

යුද්ධයෙන් මියගිය අයගේ නම් කළුගලක කොටා වෙල්ලිමුල්ලිවයික්‌කාල් වෙරළේ ස්‌මාරකයක්‌ තැනීමට මුලතිව් වෙල්ලිමුල්ලිවයික්‌කාල් වැසියෝ සූදානම් වන බව සිංහල වැසියෝ "දිවයින"ට පැවසූහ.

"ජන සංහාර සතිය" ට සමගාමීව මෙය සිදුකෙරෙන බවද ඔවුහු කීහ.

තහනම් සංවිධානයක්‌ ද සිහිපත් කරමින් මෙම ස්‌මාරකය ඊයේ (18 දා) විවෘත කිරීමට නියමිතව තිබු බවද ඔවුහු කියා සිටියහ.

මෙවැනි ක්‍රියා නීතියෙන් තහනම් බවත්, එවැනි ක්‍රියාවන්ට පොලිසියෙන් ඉඩක්‌ නොමැති බවත් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රියන්ත ජයකොඩි මහතා "දිවයින"ට 16 වැනිදා පැවසීය.

මේ ගැන පොලිසිය විමසිල්ලෙන් සිටින බවත්, නීතියට පටහැනි ක්‍රියා සිදුකළහොත් ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් හෙතෙම කීය.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.