කිතුණු සිතුවිල්ල - ගුණ යහපත් ස්‌ත්‍රිය

"සත්ගුණවත් බිරිඳක කොහෙන් සොයාගත හැකිද? ඇගේ අගය මුතුමැණික්‌වලට වැඩිය. සිය සැමියා ඇය කෙරෙහි මුළු විශ්වාසය තබයි. ඔහුට සැප සම්පතින් අඩුවක්‌ නැත." (හිතොපදේශ 31(10 -11)

ගුණ යහපත් ස්‌ත්‍රියකගෙන් සිය සැමියාට සිදුවන්නේ අපරිමිත සේවයකි. ඇය සිය සැමියාට උපරිම ආදරය පිරිනමමින් ඔහුගේ පිටිපසින් හිඳිමින් ඔහුට උපරිමයෙන්a අතහිත දෙයි. සැමියාගේ දියුණුවට වැඩකටයුතු සලසාලයි. ධෛර්යයේදී මෙන්ම අධෛර්යයේදී පවා සිය සැමියා ශක්‌තිමත් කරයි. ඇය ඇගේ පතිදම මරණය තෙක්‌ම රැක ගනියි.

එහෙත් අයහපත් ගති ගුණ ඇති චපල ස්‌ත්‍රියකගෙන් ඉහත සඳහන් කළ ගුණධර්ම බලාපොරොත්තු විය නොහැකිය. ඇගේ සිතුවිලි රළුය. නිවෙසක්‌ ගිනිබත් කරන්නට ඇයට ගත වන්නේ සුළු නිමේෂයකි. හොඳට නොහොඳට යන දෙකටම පුරුෂයා පිටිපස සිටින්නේ ස්‌ත්‍රියක බව මින් පැහැදිලි වේ.

සිත්තාකර්ෂණීය සත්‍යමය කථා පුවතක්‌ මේ සමඟ ලියා දක්‌වමි. ඒ අප කවුරුත් දන්නා වූ "නැතානියෙල් හෝතෝන්" නමැති ලේඛකයා ගැනයි.

දිනක්‌ නැතානියෙල් හෝතෝන් සිය නිවෙසට ගොඩවූයේ දැවෙන හදවතින් යුතුවය. රජයේ ලිපිකරුවකු ලෙස සේවය කළත් උපයන මුදලින් මාසයක්‌ රෑ - දහවල් එළි කළ නොහැකි බව එදින රාත්‍රියේදී සිය බිරිඳ අබියස බලවත් කෝපයෙන් කියා සිටියේය. "සොµsයා, ඔයා දන්නවාද? ........ අද මම මගේ රැකියාවට සමුදුන්නා"

"සොµsයා" කාන්තිමත් දෙනෙතින් සිය සැමියා දෙස මඳ සිනහවක්‌ පා.." ඒක එහෙම වෙච්ච එක හොඳයි. ඔයා ඔය ඔක්‌කොම අමතක කරලා.. දැන් පොත් ලියන්න පටන් ගන්න. ඔයාට ඒ ගැන හොඳ හැකියාවක්‌ තිබෙනවානේ".

"සොµsයා, අපට කා බී ජීවත් වෙන්න ඕනෑ ආදායම් මාර්ගයක්‌ නොමැතිව පොත් ලියන්නේ කොහොම දැයි අවසනෙ හිදී ඔහු ඇසීය.

ඇය ඇතුළු කාමරයට ගොස්‌ අල්මාරි ලාච්චුවක තැන්පත් කර තිබූ මුදල් නෝට්‌ටු මිටියක්‌ ගෙනැවුත් නැතානියෙල් ගේ අතට දුන්නා ය.

"කොහෙන්ද මේ... මුදල් නෝට්‌ටු?"නැතානියෙල් දෙනෙත් ලොකු කරමින් සොµsයාගෙන් ඇසීය. විවාහවූ දින පටන් මේ දක්‌වා ඔයාගේ.. බුද්ධි ප්‍රභවය ගැන මා දැන සිටියා. ඔයා ලිවීමට මෙන්ම සිතීමට දක්‍ෂයකු බව මා හොඳින්ම දන්නවා. කවදා හරි පොත් ලියන්න පටන් ගත් දවසට මේ එකතු කරපු මුදල් ආපසු ඔයාගේම යහපතට හා ආශාවට ම කැප කරන බව තරයේම ඉටා ගත්තා. දැන් ඔය මුදලින් පොත් ලියන්න පටන් ගන්නැ" යි සොµsයා මඳ සිනාවකින් යුතුව කියා සිටියා ය.

නැතානියෙල් නමැති ලිපිකරුවා ප්‍රසිද්ධ නවකතාකරුවකු බවට පත්වීමට වැඩිකලක්‌ ගත නොවීය. "ද ස්‌කාලට්‌ ලෙටර්" ඔයෑ Sජ්රකැඑ ඛැඑඑeර. ඔහු ලියූ නවකතා පොත් අතරින් ජනප්‍රියත්වයට පත්වූ නවකතා පොතකි. ඇමරිකානු ඉතිහාසයේ ඔහුගේ නාමය සුදිලෙමින් පවතී.

"සොµsයා" නමැති ගැහැනිය නැතානියෙල්ට ආදරය කළා පමණක්‌ නොව ඔහුගේ බුද්ධි ප්‍රභාව හා හැකියාවන් තේරුම් ගෙන ඔහු පිටිපසින් සිටි සාර්ථක ගැහැනියක්‌ නොවේද?

"ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. තිරිඟු බීජය පොළොවෙහි වැටී නොමළොත් එය තනි බීජයක්‌ පමණක්‌ වේ. එහෙත් එය මළොත් සරු ලෙස පල දරයි." (ශුද්ධ වූ යොහාන් 12(24)

- සිරිමල් ජයලත් ද සිල්වා පියනම

--------------------------------------------------

මා දුටු ශුද්ධ වූ දේශය
එළිසබෙත් තුළින් මරිය මවු හමුව
මංගල්‍යය මැයි 31 දා

කැලිස්‌ටස්‌ ජයමාන්න

මෙම මැයි 31 දා කතෝලික සභාව විසින් සමරනු ලබන තවත් වැදගත් මංගල්‍යයක්‌ නම් දේව මාතාවන් එළිසබෙත් තුමිය හමුවීමේ මංගල්‍යයයි. ශුද්ධ බයිබලයේ ලුක්‌ සුභාරංචියේ 1 - 39 අනුව "දින ගණනකට පසුව මරියතුමිය පිටත්ව ජුදා කඳුකරයෙහි නුවරකට ගොස්‌ සෙකරියස්‌ගේ ගෙට ඇතුළුව එළිසබෙත් හට ආචාර කළාය". මෙම බැහැදැකීම සිදු වූයේ දේව මෑණියන්ට මංගලම් කී ගාබ්‍රියෙල් දේව දූතයා එතුමියගේ ඥතිවර එළිසබෙත් තුමිය මහලු වයසේදී පුත්‍රයකු පිළිසිඳ ගෙන ඇතිබව එතුමියට සැළ කිරීම අනුවය. (ලුක්‌ 1 -36)

මෙම කඳුකර පෙදෙස ඇසුරෙන් සිට කි. මී. 165 ක්‌ දුරින් වූ එයින් කාරෙම් ය. (Eෂභ ණ්‌රුප)

අද මෙම බැහැදැකීම සිදුවූ තැන මහා දෙව් විමනකි. එය බැහැදැකීමේ දෙව් මැඳුර ය. එය එදා සෙකරියස්‌ හෙවත් එළිසබෙත් තුමියගේ ස්‌වාමි පුරුෂයා වූ ස්‌නාවක ජුවාම්තුමාගේ පියාණන්ගේ ගිම්හාන නිවස පිහිටි ස්‌ථානයයි. මෙම දෙව්මැඳුරේ ඉහළ බිත්තිවල දෙව්මැවු සිය ඥතිවරිය හමුව ඇතුළු විචිත්‍ර සිතුවම් රැසකින් අලංකෘතය. එයින් එක්‌ චිත්‍රයක්‌ මේ සමග ඔබට දැක ගත හැකිය.

මෙම දෙව්මැඳුර ක්‍රි. ව. 1-4 සියවස්‌වල ඉදිවූ පැරණි දෙව්මැඳුරුවල නටබුන් වන 1935 දී ඉතාලි වාස්‌තු විද්‍යාඥ බාර්ලුස්‌සි විසින් නිර්මාණය කරන ලද එදා එළිසබෙත්තුමිය දිය ලබාගත් ළිඳ ලෙස සැලකෙන ළිඳක්‌ ද මෙහි සංරක්‍ෂණය කොට තිබේ. මෙම දෙව්මැඳුරේ තවත් වැදගත් කරුණක්‌ ලෙස සැලකිය හැක්‌කේ දෙව්මවුන්ගේ උදාන ගීය (ලුක්‌ 1 -46-56) රැගත් මොසැයික්‌ හෙවත් වීදුරු ගලින් නිර්මිත භාෂා 45 කින් සැකසුණු පුවරු 45 ක්‌ ඔබට දැකගත හැකිවීමයි.

---------------------------------------------------------------

මරියතුමිගේ හමුදාවේ උපත

මෙම අපූරු සිදුවීම 1921 සැප්තැම්බර් මස 7 වැනි දින මරියතුමියගේ ජන්ම දින පූර්ව සැඳෑ යාමයේ 8 ට, අයර්ලන්තයේ, ඩබ්ලින් නුවර, µ්‍රeන්සිස්‌ වීදියේ, මයිරා නම් නිවහනේ එම රදගුරු පදවියේ ගරු මයිකල් ටෙහාර් පියතුමාගේ අනුශාසකත්ව සහභාගීත්වයෙන් ( අවිවාහක ගිහි නායකයාණන් වන µ්‍රEන්ක්‌ ඩµa සහෝදරයාගේ නායකත්වයෙන් හා ප්‍රමුඛත්වයෙන් යුත් කාන්තාවන් පස්‌, හය (ස්‌වල්ප) දෙනකුගෙන් සමන්විත ඉතාමත් බැහැපත්, නිහඬ සරල ආකාරයෙන් ලොකු පෙර සූදානමකින් තොර, ස්‌වයං සිද්ධ ලෙස වුවද දේව සංරක්‍ෂණය තුළ ශුද්ධාත්ම මග පෙන්වීම යටතේ මෙම මරියතුමියගේ හමුදාව උපත ලැබීය.

එය දයාවේ, අප ස්‌වාමිදූගේ හමුදාව නමින් හඳුන්වනු ලැබීය. මුල් යුගයේදී මෙය දයාවේ අප ස්‌වාමිදූගේ සමිතිය ලෙසද නම් කෙරිණි.

මෙම සමිතියේ උපත අහඹු, නිරායාස සිදු වීමක්‌ ලෙස පෙනෙන්නට ඇතත් මරියතුමියගේ ජන්ම දින, පෙර දින සැඳෑ යාමයේ සිදුවීම මරිය තුමියගේ හස්‌තයෙන්ම සිදුවූ සැබෑ දේව සැලැස්‌මක පෙර නිමිත්තක්‌ බව කිව යුතුමය.

සාන්ත 9 වැනි පියුස්‌ ශුද්ධෝත්තම පියතුමා පවසන පරිදි "මරියතුමියගේ හමුදාව ආ.. කෙතරම් අපූර්ව පරිපූර්ණ ලෙස යෝග්‍ය පරිද්දෙන් තෝරා ගන්නා ලද නාමයක්‌ද?

කොළඹ අගරදරගුරු පදවි මරියතුමියගේ
හමුදාවේ ආත්මික අදියුරු
පොන්සියස්‌ රොනී පෙරේරා පියතුමා
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.