නවදිල්ලි මහාධිකරණය සෝනියා හා රාහුල්ගේ ආදායම් බදු පරීක්‍ෂණ නතර කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්‌ෂේප කරයි



කොන්ග්‍රස්‌ නායිකා සෝනියා ගාන්ධි සහ ඇගේ පුත්‍රයා වූ රාහුල් ගාන්ධිට එරෙහිව ආදායම් බදු පරීක්‍ෂණ පැවැත්වීම අත්හිටුවන්න යෑයි කළ ඉල්ලීම නවදිල්ලි මහාධිකරණය ප්‍රතික්‌ෂේප කර ඇත.

නවදිල්ලි මහාධිකරණය තවදුරටත් පවසා ඇත්තේ ඔවුන්ද නීතියට යටත් බවයි.

නැෂනල් හෙරල්ඩ් පුවත්පතේ වත්කම් රැසක්‌ සෝනියාට සහ රාහුල්ට ඇති බව ආදායම් බදු නිලධාරීන් සොයාගෙන තිබුණි.

2012 වසරේ දී භාරතීය ජනතා පක්‍ෂ නායකයකු වූ සුබ්‍රමනියම් ස්‌වාමිද රාහුල් සහ සෝනියාට එරෙහිව නඩුවක්‌ ගොනුකර තිබුණි. මේ අතර තමන්ට එරෙහිව එල්ල වී ඇති ආදායම් බදු වංචා චෝදනා සෝනියා සහ රාහුල් ගාන්ධි ප්‍රතික්‌ෂේප කර ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.