රුසියාව ධවල මන්දිරය ගිල ගනියි
- සුප්‍රකට ටයිම් සඟරාවේ අලුත්ම කවරය පිළිබිඹු කරයි



රුසියාව විසින් ධවල මන්දිරය ගිලගෙන ඇති බව පිළිබිඹු වන ඡායාරූපයක්‌ ටයිම් සඟරාවේ ප්‍රකාශයට පත්කර ඇත.

ධවල මන්දිරය අභිබවා මොස්‌කව්හි ශාන්ත බැසිල් දෙව් මැඳුර ඉදිරියට පැමිණ ඇති අයුරු එම ටයිම් සඟරා කවරයේ දිස්‌වේ.

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් විසින් ජාතික රහස්‌ රුසියාවට ලබාදුන් බවට එල්ල වී ඇති චෝදනා ගැන ටයිම් සඟරාව තොරතුරු රැසක්‌ හෙළිකර ඇත. ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති පූටින් අතර දැඩි සබඳතා පැවැති බවට ඇමරිකානු මාධ්‍ය හෙළිකර තිබේ. එහෙත් රුසියානු රජය එම චෝදනා ප්‍රතික්‌ෂේප කර ඇත.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.