2017 මැයි 20 සෙනසුරාදා

 
 

 

    Divaina Editor
    contact webmaster
   

විජයග්‍රහණයේ අටවැනි සැමරුම


යුද ජයග්‍රහණයේ 8 වැනි සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ මැති ඇමැතිවරුන්, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සහ නිලධාරීන් රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්හි සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණය අසල පිහිටි රණවිරු ස්‌මාරකය අබියසදී ඊයේ (19 වැනිදා) පැවැත්විණි


කිලිනොච්චියේදී පොලිසියට වෙඩි

කිලිනොච්චිය පලෙයි ප්‍රදේශයේ රථවාහන පරීක්‍ෂාවේ යෙදී සිටි පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ වෙත ඊයේ (19) අලුයම නාඳුනන පුද්ගලයකු සිදු කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.


හිටපු ජනපති එන විරු සමරුවට නිදහස්‌ චතුරශ්‍රය අහිමි වේ

විජයග්‍රහණයේ රණවිරු සැමරුම එහි පැවත්වීමට බාධා ඇති වී තිබෙන බැවින් ජනතාව සමඟ පා ගමනින් විහාරමහාදේවි උද්‍යානය අභියසට ගොස්‌ එහිදී ආගමික වතාවත් සිදු කරමින් රණවිරුවන් සැමරිමට......

මැති ඇමැතිලාගේ
කටට වැටක්‌

ඉදිරියේදී සිදුවෙතැයි කියන කැබිනට්‌ ඇමැති සංශෝධනය පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස්‌ ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ආණ්‌ඩු පක්‌ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් මැති ඇමැතිවරුන්ට නියෝග කර ඇත.


බැඳුම්කර ජනාධිපති කොමිසම
පර්පෙචුවල් නීතිඥවරුන්ගේ විරෝධතා මැද බැඳුම්කර විස්‌තර ඇතුළත් ලේඛන මහ බැංකුව කොමිසමට ලබාදෙයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ  කියා සිටියේ කොමිසමට එම ලේඛන ඉදිරිපත් කිරීමට පෙර ඒවා අධ්‍යයනය කිරීමට තමාට අවස්‌ථාවක්‌ ලබාදිය යුතුව තිබුණ බවයි.

විනිසුරුවරයෙක්‌ විදෙස්‌ගතවීම නිසා ඉදිරි දෙසතිය තුළ බැඳුම්කර කොමිසම රැස්‌ නොවෙයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න සුජීව ජයවර්ධන මහතා පුද්ගලික අවශ්‍ය තාවයක්‌ සඳහා විදේශගතවන බැවින් ඉදිරි සති දෙක ඇතුළත කොමිසම රැස්‌ වන්නේ නැතැයි.....

වැල්ලවත්තේ ගොඩනැගිල්ල කඩාවැටුණේ ප්‍රමිතියක්‌ නැතිව ඇළ අයිනේ සෑදූ නිසයි
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්


කොළඹ නගරය කියන්නේ වගුරු බිමක්‌. මෙවැනි වගුරු බිමක ඉදිකිරීම් කිරීමේදී නිසි ප්‍රමිතියට ඉදිකිරීම්, සිදුකළ යුතුයි. ඒ වගේම එම ඉදිකිරීම්, අදාළ වගකිවයුතු ආයතන දැඩිව අධීක්‍ෂණය කළ යුතුයි.


බස්‌නාහිර එජනිස මන්ත්‍රීවරු 42 ක්‌ ස්‌වාධීන වෙති

පළාත් සභාවේ ආණ්‌ඩු පක්‍ෂයේ තීරණ ගැනීමේදී තම කණ්‌ඩායම වෙනම තීරණ ගැනීමටද ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියා කරන ඇමැති වරුන් සම්බන්ධයෙන් විරුද්ධව ක්‍රියා කිරීමට ද එහිදී තීරණය කර ඇත.


මරණ 500 කින් හමුදාව නිදහස්‌

ශ්‍රී ලංකා හමුදාව අතුරුදන් කළ බවට ප්‍රචාරය වූ කොටි 500 දෙනකු යුද සටන්වලදී මියගිය බවට වසර 8 කට පසු තහවුරු වී ඇත.


මුස්‌ලිම් දේශපාලකයෝ අක්‌කර 30000 ක්‌ බලෙන් අල්ලාගෙන
ගලගොඩඅත්තේ ඥානසාර හිමි

දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි අක්‌කර පනහේ සියයේ ඉඩම් සාමාන්‍ය වටිනාකමට වඩා වැඩි මුදලක්‌ දී ලබාගෙන ඉදිරි අවශ්‍යතා වෙනුවෙන් ඔවුන් වෙන් කර ඇති බවත් උන්වහන්සේ පැවසූහ.


ලංකාව බෙදන්න සහාය දෙන බ්‍රිතාන්‍ය ලේබර් පක්‍ෂයට ඩයස්‌පෝරාව සහය දෙයි

කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් ඊයේ (19 දා) ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ සභාව ස්‌ථාපිත කළ යුතුයි දන්වමින් අගමැතිනි තෙරේසා මේගේ කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණයක්‌ පවත්වා තිබේ. මේ උද්ඝෝෂණය ගැන තෙරේසා මේ ප්‍රතිචාරයක්‌ දක්‌වා නැත.


ඇව්රෝ යානයට මිසයිල ගැසූ බවට පාපොච්චාරණය කළ සුබ්‍රමනියම් නඩුවෙන් නිදහස්‌

අලිමංකඩ සමීපයේදී ගුවන් හමුදා ඇව්රෝ යානයට මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කළ බව කියන සිවසුබ්‍රමනියම් තිල්ල රාජා කර තිබූ පාපොච්චාරණය පිළිනොගත් යාපනය අධිකරණය ඔහු නිදහස්‌ කර ඇත.


කැලණිවැලි දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක්‌ කිරීම අත්‍යවශ්‍යයි
ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

අද වන විට මෙලෙස අනවසර පදිංචි පවුල් 3000 ක්‌ විතර සිටිනවා. ඒ අය මේ මාර්ගය ආසන්නයේ ස්‌ථිර නිවාස ඉදිකරගෙන පදිංචි වෙලා සිටිනවා. මෙම නිවාසවල වහලවල් දුම්රිය මාර්ගයට ඉතාම ආසන්නවයි තියෙන්නේ.


බස්‌රථ දෙක මුහුණට මුහුණ ගැටී මගීහු 52 කට තුවාල
හයදෙනකුගේ තත්ත්වය බරපතළයි

ලංගම බස්‌ රථයේ ගමන් ගත් වැඩි පිරිසක්‌ කාර්යාල සඳහා යන පිරිස්‌ වූ බව පොලිසිය පවසයි. ඔවුන් බොහොමයකගේ මුහුණේ හා නිකට ප්‍රදේශයේ දත් කැඩී බාහිර තුවාල රැසක්‌ සිදුව තිබිණි.


කුවේටයේදී සොරකම් කළ ඒ.ටී.එම්. කාඩ්පතින් ලංකාවේදී දිගට හරහට මුදල් ඇදලා
සැකකාර අයියා - නගෝ සී.සී.ටී.වී. කැමරාවෙන් කොටුවෙති

ඒ. ටී. එම්. කාඩිපතක්‌ සොරකම්කොට  කාන්තාවකගේ බැංකු ගිණුමෙන් රුපියල් 3.35000 ක මුදලක්‌ ලබා ගත් අයියා - නගෝ දෙදෙනකු නෙළුව පොලිසිය මඟින් අත් අඩංගුවට ගෙන ඇත.



රණවිරු සැමරුම් උළෙල...


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රණවිරු ස්‌මාරකයට පුෂ්පෝපහාර දැක්‌වූ අයුරු.  ඡායාරූපය - කමල් බෝගොඩ

පිළියන්දල වෙඩි වරුසාවට මැදි වූ සමාධි දියණිය දෙනෙත් පියාගනියි

කොළඹ ජාතික රෝහලේ සහ කළුබෝවිල රෝහලේ වෛද්‍යවරු දින දහයක්‌ තිස්‌සේ සමාධි දැරියගේ ජීවිතය බේරා ගැනීමට දැඩි උත්සාහයක නිරත වී සිටියහ.


මොන්ටිසෝරි අක්‌කා වල් අලි පහරින් මියයයි
චූටි නංගියි ආච්චියි රෝහලේ

මියගිය පෙර පාසල් දියණියගේ මව සිද්ධිය සැලවීමෙන් දැඩි ලෙස කම්පනයට පත්ව සිටින අතර ඇයගේ සැමියා අනතුරකට ලක්‌වීමෙන් ආබාධිතව සිටී.


විවේචකයන් කුමක්‌ පැවසුවත් ත්‍රිවිධ හමුදාව ශක්‌තිමත් කරනවා
- ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

රණවිරු නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ විධිමත් සහ කාර්යක්‌ෂම කරමින් සෑම රණවිරුවෙකුටම නිවසක්‌ ලබාදීමේ වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව.......

ජීඑස්‌පී ගන්න යුරෝපා සංගමය සමඟ එකඟ වූ යෝජනා වහාම රටට හෙළි කරන්න
ජාතික නිදහස්‌ පෙරමුණ ආණ්‌ඩුවෙන් ඉල්ලයි

ජීඑස්‌පී ලැබීමෙන් පසු රටට ආයෝජන ගලා ඒවි කියලා. ඒක අමූලික බොරුවක්‌. රටකට ආයෝජන ගලා එන්න නම් ඒ රට ආර්ථික වශයෙන් මෙන්ම දේශපාලන වශයෙන් ද ස්‌ථාවර විය යුතුයි.


කොටි සැමරීම නීත්‍යානුකූල කර ගන්න මෙහෙයුමක්‌

ද්‍රවිඩ ජන සමූහයක්‌ මරා දමා ඇති බව දක්‌වමින් ඔවුන් සැමරීමට ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ලවා නීත්‍යානුකූල බවක්‌ ලබාගැනීමට ද්‍රවිඩ සන්ධානය ප්‍රමුඛ ඩයස්‌ පෝරාව......


එල්.ඊ.ඩී. බල්බ් ලක්‍ෂ 10 ක්‌ මිලදී ගන්න රජය සැරසෙයි

විදුලිය පරිභෝජනය අවම කිරීම දිරිමත් කිරීම සඳහා සහන ණය ක්‍රමයක්‌ යටතේ පාරිභෝගිකයන්ට ලබා දීමට එල්. ඊ. ඩී. විදුලි බුබුළු දසලක්‍ෂයක්‌ මිලදී ගැනීමට.....


රූල පැන්න ඉන්දීය යාත්‍රා 140 ක්‌ අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් නොවන බවට ඉන්දීය රජය නිල ප්‍රකාශයක්‌ සිදු කරන තුරා එම යාත්‍රා නිදහස්‌ නොකරන බව මෙරට ධීවර අමාත්‍යාංශය ඉන්දියාවට දන්වා ඇත.


හොරු අල්ලන අධිකරණය වහා පිහිටුවන්න
දූෂණ විරෝධී පෙරමුණ ආණ්‌ඩුවෙන් ඉල්ලයි

වංචා දූෂණ විමර්ශන නඩු ලිපිගොනු අධිකරණයේ සහ නීතිපති ළඟ ගොඩගැසී ඇතැයි දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.


රත්වත්ත මල්ලිකා එල්ලාවල මැතිනිය අභාවප්‍රාප්ත වෙය

ශ්‍රී ලංකා තේ මණ්‌ඩලයේ හිටපු සභාපති වූ නැසීගිය ක්‌ලිෆඩ් රත්වත්ත මහතාගේ ආදරණීය භාර්යාව වූ ඇය රත්නපුර මහ සමන් දේවාලයේ බස්‌නායක නිලමේ වූ කමල් රත්වත්ත මහතාගේ හා හේෂාණී (රෝසි) යන අයගේ ආදරණීය මෑණියන්ය.


දරුවන් නවදෙනයි ; බලාගන්න කෙනෙක්‌ නැතැයි වියපත් මව පොලිසියේ දමා ගිහින්

82 හැවිරිදි දරුවන් නව දෙනකු සිටින වියපත් රෝගී මවක්‌ රැක ගැනීමට නොහැකි බව සඳහන් කරමින් ඇගේ දරුවකු විසින් ඇල්ල පොලිසිය වෙත (17 දා) භාරදී ගොස්‌ ඇති බව....


අවමංගල නිවස ඉදිරිපිටදීම අවමංගල රථයේ රියෑදුරු අවසන් ගමනේ

මළසිරුර ප්‍රවාහනය කිරීමට පැමිණ සිටි අවමංගල රථයේ රියෑදුරා මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක හැපීමෙන් එම ස්‌ථානයේදීම ජීවිතක්‌ෂයට පත්ව......


පාපැදි පැටලී බිම වැටුණු ශිෂ්‍යයා වෑන් රථයේ ගැටී ජීවිතයට සමුදෙයි

පාසල නිමවී පා-පැදි තුනකින් නිවෙස්‌ බලා යමින් සිටි පාසල් සිසුන් තිදෙනකුගේ පා-පැදි පැටලී 11 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු පාර මැද ඇද වැටී වෑන් රථයක ගැටීමෙන් බරපතළ තුවාල.....


  • ශ්‍රී ලංකාවේ කසළ චින්තනය

    කසළ යනු පාරිභෝජනයෙන් අනතුරුව ඉවත ලන දැය. 1977 විවෘත ආර්ථිකයත් සමඟ ක්‌ෂණික ආහාරපානාදියට, ඇසිරූ භාණ්‌aඩ පාරිභෝජනයට, අපේ රට වේගයෙන් පෙළඹවුනි. අද අපේ රටේ කසළ ගොඩවල ඇත්තේ ඒ ක්‌ෂණික පාරිභෝජනවල ඉතුරු බිතුරු ය.

  • ආසියානු යොවුන් දැල්පන්දු පරාජයට ඇමැති කරුණු සොයයි

    ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්‌ඩායම ලද පරාජය සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක්‌ ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කටයුතු කරගෙන යන බවත් මේ වන විටත් කණ්‌ඩායම් නායිකාව සහ කළමනාකරුගෙන්ද අදාළ තරගාවලි පරාජය පිළිබඳව අමාත්‍යවරයා කරුණු විමසා ඇති බවත් 'දිවයින' ට වාර්තා වේ.






 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.