උතුරුමැද සභාපතිට විනය පරීක්‍ෂණයක්‌ ඕනෑ
- ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

උතුරුමැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය එස්‌. එම්. රංජිත් මහතා ප්‍රධාන අමාත්‍ය ධුරයට පත් කරන ලෙස ඉල්ලා සිටිමින් දිවුරුම් ප්‍රකාශ ලබා දුන් ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් අතර සිටින එම පළාත් සභාවේ සභාපති ටී. එම්. ආර්. සිරිපාල මහතාට එරෙහිව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විසින් විනය පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතු යෑයි ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා පැවසීය.

එම පළාත් සභාවේ නව කෘෂිකර්ම, කෘෂි නිෂ්පාදන, සත්ව, සත්ව නිෂ්පාදන සහ  අලෙවි අමාත්‍ය සම්පත් ශ්‍රී නිලන්ත වික්‍රමාරච්චි මහතා ඊයේ (19දා) සිය අමාත්‍යාංශයේදී වැඩ භාර ගැනීමේ අවස්‌ථාවෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රධාන ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ආණ්‌ඩුකාරවරයා වෙත දිවුරුම් ප්‍රකාශ භාර දීම සඳහා එහි ගිය සභාපතිවරයා, ඇමැතිවරුන් දෙදෙනෙකු ඇතුළු මන්ත්‍රීවරු හය දෙනාට එරෙහිවද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඉදිරියේදී විනය පරීක්‍ෂණයක්‌ පවත්වනු ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.