බස්‌නාහිර එජනිස මන්ත්‍රීවරු 42 ක්‌ ස්‌වාධීන වෙති

රනිල් ධර්මසේන

බස්‌නාහිර පළාත් සභාවේ ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් හතළිස්‌ දෙදෙනකු ස්‌වාධීන කණ්‌ඩායමක්‌ ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත.

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මෙම මන්ත්‍රී කණ්‌ඩායම පෙරේදා (18දා) රැස්‌වී මේ පිළිබඳ අවසන් තීරණ ගෙන තිබේ.

පළාත් සභාවේ ආණ්‌ඩු පක්‍ෂයේ තීරණ ගැනීමේදී තම කණ්‌ඩායම වෙනම තීරණ ගැනීමටද ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියා කරන ඇමැතිවරුන් සම්බන්ධයෙන් විරුද්ධව ක්‍රියා කිරීමට ද එහිදී තීරණය කර ඇත.

මන්ත්‍රී කණ්‌ඩායම පැවැත් වූ සාකච්ඡාවට මන්ත්‍රීවරුන් හතළිස්‌ දෙදෙනාගෙන් 38 දෙනෙකුම සහභාගී වී ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.