කොටි සැමරීම නීත්‍යානුකූල කර ගන්න මෙහෙයුමක්‌

කීර්ති වර්ණකුලසූරිය

එක්‌ලක්‍ෂ හතළිස්‌ හය දහස්‌ හයසිය හැත්තෑ නවයක ද්‍රවිඩ ජන සමූහයක්‌ මරා දමා ඇති බව දක්‌වමින් ඔවුන් සැමරීමට ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ලවා නීත්‍යානුකූල බවක්‌ ලබාගැනීමට ද්‍රවිඩ සන්ධානය ප්‍රමුඛ ඩයස්‌ පෝරාව මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කර ඇත.

මේ සඳහා රජයේ සංහිඳියා කාර්ය සාධක බළකායේ නිර්දේශ මානව හිමිකම් කොමසාරිස්‌ට යොමු කර ඊට අනුමැතිය ඉල්ලා තිබේ.

මුල්ලිවයික්‌කාල්හිදී මියගිය කොටි සමරුව මුලතිව් අධිකරණය ලවා තහනම් කර ඇති බවට හිටපු එක්‌සත් ජාතීන්ගේ නියෝජිතවරිය වු යස්‌මින් සුකාද මානව හිමිකම් කොමසාරිස්‌ට පැමිණිලි කර ඇත.

ලබන නොවැම්බර් මස පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී කොටි සමරුව ගැන කරුණු දැක්‌වීමක්‌ද සිදුවන බව ආරංචි මාර්ග දක්‌වයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.