මරණ 500 කින් හමුදාව නිදහස්‌

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකා හමුදාව අතුරුදන් කළ බවට ප්‍රචාරය වූ කොටි 500 දෙනකු යුද සටන්වලදී මියගිය බවට වසර 8 කට පසු තහවුරු වී ඇත.

මුල්ලිවයික්‌කාල්හිදී ස්‌ථාපිත කිරීමට සැලසුම් කර තිබු කොටි නම් 500 ක්‌ අඩංගු ස්‌මාරකයෙන් මේ බව හෙළි වී තිබේ.

මෙතෙක්‌ එම නම් ප්‍රකාශ වී නොතිබුණි.

මුලතිව් මීසමේ එලියරාජා පියනමගේ මෙහෙයවීමෙන් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් මෙම ස්‌මාරකය ස්‌ථානගත කිරීමට දරන උත්සාහය මුලතිව් අධිකරණය මඟින් අත්හිටුවනු ලැබිය.

මුල්ලිවයික්‌කාල්හිදී කොටි හමුදාවට භාර වූ බවත් ඔවුන්ව මරා දැමූ බවටත් මානව හිමිකම් කවුන්සිලයට ද පැමිණිලි ලැබී තිබූ බව වාර්තා වෙයි.

මේ මියගිය කොටින්ගේ නම් හමුදාවටද හෙළි වී නොතිබුණි.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.