ලංකාව බෙදන්න සහාය දෙන බ්‍රිතාන්‍ය
ලේබර් පක්‍ෂයට ඩයස්‌පෝරාව සහය දෙයි


කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවීම සඳහා බ්‍රිතාන්‍ය ලේබර් පක්‍ෂ නායක ජෙරම් කොර්බින්ට ඡන්දය දෙන ලෙස කොටි ඩයස්‌පෝරාව බ්‍රිතාන්‍ය ඊළාම්වාදීන්ගෙන් ඉල්ලා ඇත.

තමා ශ්‍රී ලංකාව තුළ ද්‍රවිඩ ස්‌වයං පාලනයකට සහාය වන බව කෝර්බින් ප්‍රකාශකර තිබිණි.

මේ නිසා කොන්සර්වේටිව් පක්‍ෂයට මෙතෙක්‌ දැක්‌වූ සහය ලබා නොදීමට කොටි ඩයස්‌පෝරාව තීන්දු කර ඇත.

මේ අතර කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් ඊයේ (19 දා) ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ සභාව ස්‌ථාපිත කළ යුතුයි දන්වමින් අගමැතිනි තෙරේසා මේගේ කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණයක්‌ පවත්වා තිබේ. මේ උද්ඝෝෂණය ගැන තෙරේසා මේ ප්‍රතිචාරයක්‌ දක්‌වා නැත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.