රූල පැන්න ඉන්දීය යාත්‍රා 140 ක්‌ අත්අඩංගුවට

අකිත පෙරේරා

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්‍රා 140 ක්‌ මේ වන විට අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක බළකාය විසින් එම යාත්‍රා අත්අඩංගුවට ගෙන ඇති අතර නැවත මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් නොවන බවට ඉන්දීය රජය නිල ප්‍රකාශයක්‌ සිදු කරන තුරා එම යාත්‍රා නිදහස්‌ නොකරන බව මෙරට ධීවර අමාත්‍යාංශය ඉන්දියාවට දන්වා ඇත.

කෙසේ වෙතත් ඉන්දියාව එවැනි නිල ප්‍රකාශයක්‌ තවම කර නැති බැවින් ඉහත යාත්‍රා සහ ධීවර ආම්පන්න රාජසන්තක කිරීමටද මෙරට ධීවර අමාත්‍යාංශය වැඩිදුරටත් තීරණය කර තිබේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.