හොරු අල්ලන අධිකරණය වහා පිහිටුවන්න
දූෂණ විරෝධී පෙරමුණ ආණ්‌ඩුවෙන් ඉල්ලයි

ලසිත දුමින්ද

දූෂණ වංචා විමර්ශනය සඳහා පිහිටුවන බවට පොරොන්දු වූ විශේෂ අධිකරණය වහා පිහිටුවන ලෙසට දූෂණ විරෝධී පෙරමුණ ආණ්‌ඩුවෙන් ඉල්ලීමක්‌ කරයි.

වංචා දූෂණ විමර්ශන නඩු ලිපිගොනු අධිකරණයේ සහ නීතිපති ළඟ ගොඩගැසී ඇතැයි දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

වත්මන් රජය වංචා විමර්ශනය කිරීම සඳහා විශේෂ අධිකරණයක්‌ පිහිටුවන බවට ප්‍රකාශ කළ ද කැබිනට්‌ මණ්‌ඩලයේ එය සම්මත වී වසර 2 ක්‌ ගත වුවත් මෙතෙක්‌ ක්‍රියාත්මක නැතැයිද හෙතෙම කීවේය. රටට පොරොන්දු වූ විශේෂ අධිකරණය පිහිටුවා පසුගිය රජයේ වගේම යහපාලන ආණ්‌ඩුවෙත් හොරු ඇල්ලිය යුතු බවද කීර්ති තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.