ඇව්රෝ යානයට මිසයිල ගැසූ බවට
පාපොච්චාරණය කළ සුබ්‍රමනියම් නඩුවෙන් නිදහස්‌


කීර්ති වර්ණකුලසූරිය

අලිමංකඩ සමීපයේදී ගුවන් හමුදා ඇව්රෝ යානයට මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කළ බව කියන සිවසුබ්‍රමනියම් තිල්ල රාජා කර තිබූ පාපොච්චාරණය පිළිනොගත් යාපනය අධිකරණය ඔහු නිදහස්‌ කර ඇත.

මෙම පාපොච්චාරණය බලහත්කාරයෙන් ලබාගත් බවට ඔහුගේ නීතිවේදීන් අධිකරණය හමුවේ පවසා තිබුණි. මොහු සහකාර පොලිස්‌ අධිකාරිවරයකු හමුවේ එම පාපොච්චාරණය කර තිබුණි.

එහෙත් මොහුට එරෙහිව තවත් මිසයිල ප්‍රහාර නඩුවක්‌ ඇති බව ත්‍රස්‌ත මර්දන බලධාරීන් අධිකරණය වෙත දන්වා ඇත. 1998 වසරේ පලාලි සිට රත්මලාන වෙත පියාසර කළ ලයන් එයාර් යානාවට මිසයිල ප්‍රහාර එල්ල කර මගීන් 55 ක්‌ මරා දැමීම ගැන ඔහුට එරෙහිව තවත් නඩුවක්‌ ගොනුකර තිබුණි. එම මිසයිල ප්‍රහාරයට භාවිතා කළ මිසයිල කොපු දෙකද විල්පත්තුවේ තිබී ත්‍රස්‌ත මර්දන එක්‌කකය මගින් සොයාගෙන ඇත.


 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.