ජීඑස්‌පී ගන්න යුරෝපා සංගමය සමඟ
එකඟ වූ යෝජනා වහාම රටට හෙළිකරන්න

ජාතික නිදහස්‌ පෙරමුණ ආණ්‌ඩුවෙන් ඉල්ලයි

ලසිත දුමින්ද

ජීඑස්‌පී සහනය ලබා ගැනීම සඳහා යුරෝපා සංගමයට එකඟ වූ කොන්දේසි වහාම රටට හෙළි කරන ලෙසට ජාතික නිදහස්‌ පෙරමුණ ආණ්‌ඩුවෙන් ඉල්ලීමක්‌ කරයි.

ආණ්‌ඩුව ජීඑස්‌පී සහනය ලබා ගත්තේ නව ෙµඩරල් ව්‍යවස්‌ථාවක්‌ ගෙනඒම, ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත අහෝසි කිරීම හා මහජන ආඥ පනත සංශෝධනය කිරීම ආදී රටේ භෞමික අඛණ්‌ඩතාවයට අහිතකර කොන්දේසිවලට එකඟව යෑයි ජාතික නිදහස්‌ පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පැවසීය.

ජාතික නිදහස්‌ පෙරමුණ මූලස්‌ථානයේ පෙරේදා (18 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී එසේ කී මොහොමඩ් මුසම්මිල් මහතා මෙසේද සඳහන් කළේaය.

ශ්‍රී ලංකාවට අහිමි කර තිබූ ජීඑස්‌පී ප්ලස්‌ බදු සහනය නැවත ලබා ගත් බවට මේ ආණ්‌ඩුව උදම් අනමින් සිටිනවා. මේ බදු සහනය යුරෝපා සංගමය යම් රටකට ලබා දෙන්නේ ආර්ථික කොන්දේසි මෙන්ම දේශපාලන කොන්දේසි රැසක්‌ ඉටු කිරීමට එකඟ වුවහොත් පමණයි. මෙවර ජීඑස්‌පී බදු සහනය ලබාදීමට පෙර ශ්‍රී ලංකාව සහ මාලදිවයින බාර යුරෝපා සංගමයේ තානාපතිවරයා ද පවසා තිබුණා ශ්‍රී ලංකා රජය ආර්ථික කොන්දේසි මෙන්ම දේශපාලන කොන්දේසි රැසක්‌ ඉටු කිරීමට පොරොන්දු වූ බවට. එම නිසා නුදුරේදීම ජීඑස්‌පී සහනය ලබාදෙන බවද ප්‍රකාශ කළා. මීට ඉහතදී යුරෝපා සංගමයට ශ්‍රී ලංකා රජය දේශපාලන කොන්දේසි 58 ක්‌ ඉදිරිපත් කර තිබුණා.

ෙµඩරල් ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒම, ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත අහෝසි කිරීම, මහජන ආරක්‍ෂක ආඥ පනත සංශෝධනය කිරීම ඇතුළු 2015 ඔක්‌තෝබර් මාසයේදී ඇමරිකා එක්‌සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේදී සම අනුග්‍රාහකත්වය සහිතව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවලියෙහි අඩංගු කරුණු රැසක්‌ එම කොන්දේසි අතර තිබෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව, භෞමික අඛණ්‌ඩතාවයට අහිතකර කොන්දේසි. අපි ආණ්‌ඩුවට කියනවා ජීඑස්‌පී සහනය ගන්න එකඟවූ කොන්දේසි මොනවාද කියා රටට හෙළිකරන ලෙස. යහපාලන ආණ්‌ඩුවේ මේ වසර දෙකක කාලයේ ක්‍රියාකලාපය තුළින් පැහැදිලි වෙනවා ඔවුන් මේ සහනය ලබා ගෙන ඇත්තේ රටට අහිතකර කොන්දේසි රැසකට එකඟ වී බව.

දැන් ජීඑස්‌පී සහනය ලබා ගැනීමෙන් පසු ආණ්‌ඩුව ජනතාව ගොනාට අන්දවමින් සිටිනවා. ජීඑස්‌පී ලැබීමෙන් පසු රටට ආයෝජන ගලා ඒවි කියලා. ඒක අමූලික බොරුවක්‌. රටකට ආයෝජන ගලා එන්න නම් ඒ රට ආර්ථික වශයෙන් මෙන්ම දේශපාලන වශයෙන් ද ස්‌ථාවර විය යුතුයි. අද මේ රට ආර්ථික වශයෙන් ස්‌ථාවරද? නැහැ. මහ බැංකු බැඳුම්කර වංචාව නිසා මේ රටේ මහ බැංකුව ගැන පවා ආයෝජකයන්ට විශ්වාසයක්‌ නැහැ. කොටස්‌ වෙළෙඳ පොළ, රුපියල දිනෙන් දින කඩාවැටෙනවා. ආර්ථික දර්ශකවල ලංකාවට හිමි වී ඇත්තේ පහළ ස්‌ථාන. ඒවා මගින් තහවුරු වී ඇත්තේ ශ්‍රී ලංකාව ආයෝජන අවදානමක්‌ සහිත, ආර්ථික පරාධීනත්වයට වැඩි වශයෙන් ගොදුරු වූ රටක්‌ ලෙසයි. අද කුඩා දරුවකුට වුවත් තේරෙනවා ශ්‍රී ලංකාවේ ආර්ථික ස්‌ථාවරත්වයක්‌ නැහැ කියලා. ඒ වගේම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක්‌ තිබෙනවා කියා කිව්වත් මේ ආණ්‌ඩුව දේශපාලනික වශයෙන් ස්‌ථාවර එකක්‌ නෙමෙයි. මේකේ අලකලංචි ගොඩක්‌ තිබෙනවා. කවර මොහොතේ කඩාවැටේවීද කියලා කියන්න බැරි ආණ්‌ඩුවක්‌. එපමණක්‌ නොව ජීඑස්‌පී නිසා ලැබිය යුතුව තිබෙන අවම සහනයක්‌වත් මේ රටට ලබා දෙන්න මේ අස්‌ථාවර ආණ්‌ඩුවට බැහැ.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරමින් බලයට ආ ආණ්‌ඩුව සිසුන්ට එළව එළවා පහර දෙනවා. ආණ්‌ඩුවේ වැරදි ප්‍රතිපත්තිවලට එරෙහිව සටන් වදින බලවේගවලට බැටන්, ජල, කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. ප්‍රහාර එල්ල කළාම ප්‍රශ්න විසඳෙනවද? ප්‍රජාතන්ත්‍රවාදය වළදමා ඉදිරියට යන්න හදන මේ ආණ්‌ඩුව බලයට ආවේ ලිච්ඡවි පාලනයක්‌ ගැන කියමින්. මේ විදියට ඉදිරියන්න පුළුවන්කමක්‌ නැහැ. ආණ්‌ඩුවේ වැරදි ප්‍රතිපත්තිවලට එරෙහිව සියලු ජන කොටස්‌ නැගී සිටිය යුතුයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.