දරුවන් නවදෙනයි ; බලාගන්න කෙනෙක්‌ නැතැයි වියපත් මව පොලිසියේ දමා ගිහින්

වැලිමඩ - අර්නි දඹදෙණිය

ඇල්ල පොලිස්‌ බල ප්‍රදේශයට අයත් කිතල්ඇල්ල දොඩම්ගොල්ල ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි දරුවන් නව දෙනකු සිටින වියපත් රෝගී මවක්‌ රැක ගැනීමට නොහැකි බව සඳහන් කරමින් ඇගේ දරුවකු විසින් ඇල්ල පොලිසිය වෙත (17 දා) භාරදී ගොස්‌ ඇති බව ඇල්ල පොලිසියේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳව බණ්‌ඩාරවෙල අධිකරණය වෙත පැමිණිලි කර ඇගේ දරුවන් නවදෙනාද කැඳවා ඉදිරි පියවරක්‌ ගැනීමට ඇල්ල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එච්. ඩී. එල්. කරුණාරත්න මහතා කටයුතු කර තිබේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.