සිංහරාජයේ අලි දෙදෙනා ඉවත් කිරීමට පියවර

කහවත්ත - ඉන්දික රාජපක්‌ෂ

සිංහරාජ වනාන්තරයේ සැරි සරණ මිනිස්‌ ජීවිතවලට තර්ජනයක්‌ වුණු අලි දෙදෙනා සිංහරාජ වනාන්තරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව වනජීවී අධ්‍යක්‌ෂ ජනරාල් සරත් පතිරත්න මහතා පැවසීය.

සිංහරාජ වනාන්තරයේ ඉතිරි වී ඇති සද්දන්ත කුලයේ ඵකම අලි දෙදෙනා වන මෙම අලි දෙදෙනාට ජීවත් වීමට සුදුසු දේශගුණික තත්වයක්‌ ඇති ප්‍රදේශයක්‌ හඳුනා ගැනීමේ කටයුතු සිදුකරමින් සිටින බවත් නිසි ක්‍රම වේදයකට අනුව මෙම අලි දෙදෙනා ඉවත් කළ යුතු බවත් ජනරාල්වරයා පැවසීය.

සිංහරාජ වනාන්තරයේ තැනිතලා භූමියකට අලි දෙදෙනා පැමිණීමෙන් පසුව නිර්වින්දනය කර මොවුන් රැගෙන යා යුතු බවත් අලියා වනාන්තරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ද ඇතැම් පිරිස්‌වල විරෝධතාවක්‌ ඵල්ල වන බවත් පැවසිSය. කැලෑ ඵළිsකරමින් වගා කටයුතු සිදුකරන නිසා මෙම අලි තර්ජනවලට ජනතාවට මුහුණදීමට සිදුව ඇති බව පරිසරවේදීන්ගේ මතය වී ඇත. ඔහුන් පවසන්නේ වන ජාවාරම්කරුවන්ගෙන් සිංහරාජ රක්‌ෂිතය ආරක්‌ෂා වී ඇත්තේ මෙම අලි දෙදෙනා නිසා බවය.

අලියාගේ ගමන් මාර්ගයට පැමිණෙන අයට හිරිහැර සිදුකළත් මෙම අලියා නිවාසවලට පැමිණ මෙතෙක්‌ කිසිදු හානියක්‌ සිදු කර නොමැති බව පරිසරවේදීහු පෙන්වා දෙති.

කෙසේ වෙතත් සිංහරාජ වනාන්තරයේ සැරිසරණ මෙම වල්අලි දෙදෙනාගේ ප්‍රහාරයන්ට ලක්‌වීමෙන් රජවත්ත, රඹුක, දොලේකන්ද, කෝපි කෑල්ල , පන්දෙණිය, ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් 16 දෙනෙකු මේ වන විට මිය ගොස්‌ ඇති බව ප්‍රදේශවාසීහු පවසති. තවත් ජීවිත විනාශවීමට නොදී කඩිනම් පියවරක්‌ ගන්නා ලෙස ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.