අකුරැස්‌ස - කියඬුවදී
බස්‌රථ දෙක මුහුණට මුහුණ ගැටී මගීහු 52 කට තුවාල

හයදෙනකුගේ තත්ත්වය බරපතළයි

සමන් උපුල් පිනිදිය - අයි. පී. තාරුකා - අතුරලිය



අකුරැස්‌සේ සිට කොළඹ බලා පිටත් වූ ලංකා ගමනාගමන මණ්‌ඩලයට අයත් බස්‌ රථයක්‌ හා වැලිගම සිට අකුරැස්‌ස දෙසට පැමිණි පෞද්ගලික බස්‌ රථයක්‌ ඊයේ (19 දා) කියඬුව ප්‍රදේශයේ දී මුහුණට මුහුණ ගැටීම නිසා බස්‌ රථයේ පැමිණි මගීහු 52 කට අධික පිරිසක්‌ තුවාල ලබා අකුරැස්‌ස හා මාතර මහ රෝහල් වෙත ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

තුවාලකරුවන්ගෙන් 6 දෙනකුගේ තත්ත්වය බරපතළ වූ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් මාතර මහ රෝහල වෙත මාරු කර යවා ඇත.

ලංගම බස්‌ රථයේ ගමන් ගත් වැඩි පිරිසක්‌ කාර්යාල සඳහා යන පිරිස්‌ වූ බව පොලිසිය පවසයි. ඔවුන් බොහොමයකගේ මුහුණේ හා නිකට ප්‍රදේශයේ දත් කැඩී බාහිර තුවාල රැසක්‌ සිදුව තිබිණි.

මෙම අනතුරට හේතුව අධික වේගය හා නොසැලකිල්ල බව පොලිසිය සැකකරන අතර අනතුර සම්බන්ධයෙන් අකුරැස්‌ස පොලිස්‌ ස්‌ථානාධිපතිගේ උපදෙස්‌ පරිදි රථවාහන අංශයේ ස්‌ථානාධිපති උ. පො. ප. ධර්මසේන, පො. සැ. මනම්පේරි ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.