තම පෙම්වතිය යතුරුපැදියෙන්
තල්ලු කළ පෙම්වතා රිමාන්ඩ්


බඩල්කුඹුර - රවිඳු ගුණතිලක

සිය පෙම්වතා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඉකුත් 15 දා වැල්ලවාය - මොනරාගල මාර්ගයේදී යතුරුපැදියෙන් වැටී බරපතළ ලෙස තුවාල ලැබූ තරුණියගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පෙම්වතා මැයි මස 30 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස වැල්ලවාය මහෙස්‌ත්‍රාත් කේෂර සමරදිවාකාර මහතා නියෝග කළේය.

මෙසේ බන්ධනාගාර ගත කළේ බඩල්කුඹුර අතර පදිංචි පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ රියෑදුරෙකු ලෙස සේවය කළ ලක්‌මාල් එරන්ද ජයවර්ධන (26) නමැති අයෙකි.

තම පෙම්වතියට පහරදී යතුරුපැදියෙන් තල්ලුකළ බවට ලද තොරතුරු මත වැල්ලවාය පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. වැල්ලවාය පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.