පාපැදි පැටලී බිම වැටුණු ශිෂ්‍යයා
වෑන් රථයේ ගැටී ජීවිතයට සමුදෙයි


විජයසිsරි විද්‍යාසේකර - කළුතර සමූහ

පාසල නිමවී පා-පැදි තුනකින් නිවෙස්‌ බලා යමින් සිටි පාසල් සිසුන් තිදෙනකුගේ පා-පැදි පැටලී 11 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු පාර මැද ඇද වැටී වෑන් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා කළුතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පෙරේදා (18දා) රාත්‍රි මරුමුවට පත් වී ඇත.

මෙසේ මරුමුවට පත්වී ඇත්තේ බෝම්බුවල ධර්මාලෝක විද්‍යාලයේ 6 වසරේ ඉගෙනුම ලැබූ ඕසද කරුණාරත්න නමැති සිසුවෙකි.

බෝම්බුවල නෑබඩ මාර්ගයේදී පෙරේදා දහවල් මෙම අනතුර සිදුවී ඇති අතර මියගිය ශිෂ්‍යයාගේ පශ්චාත් මරණ පරීක්‌ෂණය හා මරණ පරීක්‌ෂණය ඊයේ (19දා) කළුතර නාගොඩ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.