එෆ්.ඒ. කුසලාන දිනන්න යුද හමුදාව සහ
ජාවාලේන් අද ලොකු සටනක


ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් මෙහෙයවනු ලබන එµa.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද (20 දා) ජාවා ලේන් කණ්‌ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර පැවැත්වේ. තරග විදුලි ආලෝක මධ්‍යයේ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

කණ්‌ඩායම් හයසීයක පමණ සහභාගීත්වයෙන් පැවැති අදාළ තරගාවලියේ අවසන් පූර්ව තරගවලදී ජාවාලේන් පිල විසින් දඩුවම් පහර 5-3 කින් සෝන්ඩර්ස්‌ පිල පරාජය කරමින්ද යුද හමුදාව ගෝල 3-2 කින් කොළඹ පාපන්දු පිල පරාජය කරමින්ද අවසන් මහා තරග අවස්‌ථාව උදාකර ගැනීමට සමත් විය.

1968 වසරේදී බිහිවු ජාවා ලේන් පිල එµa.ඒ. කුසලාන තරගාවලියකදී අවසන් මහා තරග වරම ලැබූ පළමු අවස්‌ථාව මෙය වන අතර ඔවුන්ගේ තරග ඉතිහාසයේ හොඳම සන්ධිස්‌ථානයද මෙම අවස්‌ථාව වේ. ජාවාලේන් පිලේ ප්‍රතිවාදීන් වන යුද හමුදාව මෙවර තරගාවලියේදී ආක්‍රමණකාරී කණ්‌ඩායමක්‌ බවට පත්ව සිටින අතර ඔවුන්ගේ පෙර පෙළ ක්‍රීඩක මොහොමඩ් ඉසදීන් අවසන් පූර්ව තරගයේදී ගෝල ද්විත්වයක්‌ වාර්තා කිරීමට සමත් විය.

ජාතික පාපන්දු සංචිතය විසිරුවා ඇති වකවානුවක ශ්‍රී ලංකා පාපන්දු අනාගතය වෙනුවෙන් පැවැති එµa.ඒ. කුසලාන තරගවලියේදී දක්‍ෂතා දැක්‌වූ ක්‍රීඩකයන් ඉදිරියේදී ජාතික සංචිතයට තෝරා ගැනීමට නියමිත අතර අද පැවැත්වෙන අවසන් මහා තරගයේ කණ්‌ඩායම් දෙකම ශූරතාව වෙනුවෙන් ද්වන්ධ සටනක නියෑළෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.