TOTAL PR කාලයේ තාලයෙන් PROTEAN (ප්‍රොaටියන්) වෙයි

මෙරට මහජන සම්බන්ධතා ආයතන (Public Relations agencies) අතර ඉදිරියෙන්ම සිටින සහ Omnicom Media Group - Sri Lanka යටතේ ඇති TOTAL PR ආයතනය, 'ප්‍රොaටියන්' PROTEAN යන නව සන්නාමය යටතේ සිය වැඩකටයුතු පෙරට ගෙනයනු ඇත.

ග්‍රීක පුරාවෘත්තයක සඳහන් 'ඡරදඑeaබ' යන ශක්‌තිමත් වචනයෙන්, ලෝකයට අනුව නිරතුරුව වෙනස්‌වන, බහුශ්‍රැත, නම්‍යශීලී, සියල්ලෙහි දක්‍ෂ, පැති ගණනාවකින් යුත්, විචක්‍ෂණ ආදී අරුත් දෙන අතර, ඒවා ක්‍රියාශීලීත්වයෙන් සපිරි වත්මන් ලෝකයේ 'කීර්තිනාමය කළමනාකරණය' කිරීම සම්බන්ධයෙන් වන Reputation Management නමැති විෂයේ සඳහන් මූලධර්මයන් වේ.

මහජන සම්බන්ධතා කළමනාකරණය සහ ප්‍රවර්ධනය යන විෂය වසර දහස්‌ ගණනක්‌ අතීතයේ පිරමීඩ තැනූ පාරාවෝ යුගයේ පටන් මිනිස්‌ සමාජයේ භාවිත වූවකි. අධිරජවරුන් සහ රජවරුන් පිළිම නෙළමින්, කැටයම් කරමින්, වෙහෙර විහාර දේවාල තනමින් සමාජය සහ විරුද්ධවාදීන් ඉදිරියේ තම බලපරාක්‍රමය විදහාපෑමේ පටන් වසර දහස්‌ ගණනක්‌ විකාශය වූ මෙම විෂය අද වන විට නොයෙකුත් ක්‍රමෝපායන් ඔස්‌සේ, වෘත්තීය මට්‌ටමින් සහ නවීනත්වයෙන් යුතුව සමාජගතව ඇත. අද, 21 වැනි සියවසය වන විට අලෙවිකරණයේ ප්‍රධාන අංගයක්‌ ලෙසින් මහජන සම්බන්ධතා ප්‍රවර්ධනය කැපී පෙනෙන වැදගත්කමක්‌ අත්කරගෙන තිබේ. තාක්‍ෂණයේ සහ සමාජ මාධ්‍යවල පරිණාමයත්, නවීන සහ සම්ප්‍රදායික රාමුවෙන් මිදුණු වත්මන් ජන සන්නිවේදන රටාවන් සමඟ මහජන සම්බන්ධතා ප්‍රවර්ධනයේ වෘත්තීයභාවය සහ එහි යෙදීම් ආදිය ප්‍රමාණාත්මක වෙනස්‌කම්වලට බඳුන්වෙමින් සාර්ථකත්වයට පත් ආයතනයන්හී එම සාර්ථකත්වය ගොඩනැඟීම පිණිස ඉවහල්වන එක්‌ සුවිශේෂී සාධකයක්‌ බවට මහජන සම්බන්ධතා ප්‍රවර්ධනය පත්ව තිබේ.

'මහජනා සම්බන්ධතා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මේ සා වැදගත්කමක්‌ ගොඩනැඟී ඇති වටපිටාවක, ඉදිරියෙන් සිටීම මෙන්ම, වෙනසට අනුගතවීම ද හැමවිටම වැදගත් වෙනවා. අපි 'ප්‍රොaටියන් ' හැටියට මේ කලාපයේ කාලයට අනුව ඇති නැඹුරුතා ආදිය පිළිබඳව හැමවිටම ඇස යොමාගෙන සිටිමින්, වෙළෙඳපොළේ ඔවුනට වඩාත් අදාළ වන සහ නැවුම් වූ ඉසව්වල සිය සන්නාමය ස්‌ථාවර කරගනිමින් ජයග්‍රාහී ගමනක යෙදීම පිණිස ශක්‌තිය සපයනවා' යෑයි PROTEAN හි මහජන සම්බන්ධතා අධ්‍යක්‍ෂ චම්පිකා තල්ගොඩපිටිය මහත්මිය පවසයි.

වර්ෂ 2012 ඔක්‌තෝබර් මාසයේදී උපායමාර්ගික ව්‍යාපාරික ඒකකයක්‌ SBU ලෙසින් පිහිටවනු ලැබූ මෙම ආයතනය අද PROTEAN නම යටතේ මෙරට ඉහළින්ම සිටින සන්නාමයන් රැසක, කීර්තියේ සහ අලෙවි ප්‍රවර්ධනයේ විශ්වාසනීය සහ ප්‍රතිඵල සහතික කළ මහජන සම්බන්ධතා සහකරු බවට පත්ව සිටියි. මෙරට ප්‍රමුඛ පෙළේ තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ සේවා සැපයුම්කරුවන්, ජනප්‍රියම පාවහන් සන්නාම, ලෝක ව්‍යාප්ත ගුවන් සේවා සමාගම්, අති සාර්ථක මූල්‍ය සේවා සංවිධානය, සුප්‍රසිද්ධ පාරිභෝගික භාණ්‌ඩ සැපයුම්කරුවන්, ප්‍රධාන රක්‍ෂණ සමාගම්, නමගිය අවන්හල් සහ ගෞරවය දිනාගත් අධ්‍යාපන ආයතන ආදිය PROTEAN හි සේවා හිමිකරගන්නා ගනුදෙනුකරුවන් අතර වේ.

'සම්ප්‍රදායානුකූල මෙන්ම ඩිජිටල් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ආදී වේදිකාවන් මත එක සේ ශක්‌තිමත් අප සංවිධානය වටා තව තවත් ගනුදෙනුකරුවන් ඒකරාශී වනු දැකීමට ලැබීම ඉතාම ප්‍රබෝධමත් බවක්‌ දනවනවා මෙන්ම මහජන සම්බන්ධතා සහ ඩිජිටල් ක්‍ෂේත්‍රයේ තව තවත් සම්පත් ආයෝජනය කිරීම සඳහා අපව උනන්දු කරවන්නක්‌ ' යෑයි Omnicom Media Group හි ප්‍රධාන විධායක නිලධාරි කීත් විඡේසූරිය මහතා පවසයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.