දූෂණ යට ගසන ඇමැතිවරුත් මාරු කරන්න
ශ්‍රීලනිප ඇමැති පිරිසක්‌ ජනපතිට කියති
...

ප්‍රියදර්ශන ලියනගේ

පසුගිය රජයේ සිදුවූ වංචා හා දූෂණ සිද්ධීන් සම්බන්ධව පැවැත්වෙන පරීක්‍ෂණ යට ගැසීමට මැදිහත්වී සිටින ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශද වෙනස්‌ කරන ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඇමැතිවරුන් පිරිසක්‌ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇත.

ඇතැම් දූෂණ වංචා පරීක්‍ෂණ අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමේත් තවත් පරීක්‍ෂණ කිහිපයක්‌ පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේත් හිරවී පවතින අතර සමහර පැමිණිලි පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ගවලට උපදෙස්‌ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලැබීම ප්‍රමාදවීමෙන් එකතැන පවතින බවද ඔවුහු පෙන්වා දෙති.

මෙම ප්‍රමාදයන්ට වගකිවයුතු ඇමැතිවරුන් කවුරුන්ද යන්න මේ වනවිට තමන් හඳුනාගෙන ඇතැයි ද ඔවුන් වහාම එම අමාත්‍යාංශවලින් වෙනස්‌ නොවුණහොත් පරීක්‍ෂණ තවදුරටත් සිදු නොවන බවද ශ්‍රීලනිප ඇමැතිවරු පෙන්වා දෙති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.