සංවර්ධන කමිටු සභාපති ධුරයෙනුත් ජනක ඉවතට

මාතලේ අධිකරණ - මෙත්සිරි බී. හේරත්

දඹුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල සංවර්ධන කමිටු සභාපති ධුරයෙන්ද ඉවත් කර ඇත.

ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා මේ බව මන්ත්‍රීවරයාට ලිතව දන්වා එවා තිබේ. එම මන්ත්‍රීවරයාගෙන් හිස්‌ වූ සභාපති ධුරයට දඹුල්ල නව ආසන සංවිධායක යූ. ආර්. නන්දසිරි මහතා පත්කර ඇත. දඹුල්ල එ.ජා.ප. සංවිධායක ප්‍රියාන් විඡේරත්න මහතා එම කමිටුවේ සම සභාපතිවරයාය.

සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ එම සභාපති ධුරයෙන් තමා ඉවත් කළත් දඹුළු ජනතාවගේ හදවත්වලින් තමා කිසිම දවසක ඉවත් කළ නොහැකි බවයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.