පාසල් 29කට ගංවතුරෙන් හානි

නිලන්ත මදුරාවල

සහන කඳවුරු ලෙස පවත්වාගෙන යන සහ හානියට පත් පාසල් 54 ක්‌ හැර බස්‌නාහිර, සබරගමුව සහ දකුණ යන පළාත්වල සෙසු සියලු පාසල් අධ්‍යයන කටයුතු සඳහා ඊයේ (05 වැනිදා) ආරම්භ කෙරිණි.

සබරගමුව පළාතේ පාසල් 15 ක්‌ සහ දකුණු පළාතේ පාසල් 10 ක්‌ සහන කඳවුරු ලෙස තවදුරටත් පවත්වාගෙන යන අතර දකුණු පළාතේ පාසල් 29 ක්‌ හානියට පත්ව ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

හානියට පත් පාසල්වල කටයුතු ආසන්නම පාසලකට අනුයුක්‌ත කර පවත්වාගෙන යැම මෙන්ම සහන කඳවුරු ලෙස පවත්වාගෙන යන පාසල් යළි ආරම්භ කිරීමේ බලය ද කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට පවරනු ලැබ ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.